×

ට්‍ර්‍රම්ප් ට දඟගෙය උරුම වෙයිද? පොට හොඳ නැති පාටයි..

ට්‍රම්ප් දිගින් දිගටම ඉල්ලා සිටියේ ඔබාමා සහ බිඩෙන් දෙපළ සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දියත් කළ යුතු බවයි.


ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හිටපු ජනපති ඩිමොක්‍රටික් නියෝජිත බැරැක් ඔබාමා සහ සිය වත්මන් දේශපාලන ප්‍රතිවාදී ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බිඩෙන් මහතා හට දිගින් දිගටම පහර ගැසීම ආරම්භ කොට තිබේ.

ඔබාමාගේට්! ඔබාමාගේට්! ට්‍රම්ප් ගේ මුවින් පිටවන වදන වන්නේ එයයි. ඔහු සිතන්නේ ඔබාමාගේට් යනුවෙන් හඬ නඟන තුරාවට ඔබාමා සහ බිඩෙන් දෙපළ මායාවක් හටගන්නා වරදකරුවන් බවට පත්වන්නේ ය කියාද?

ට්‍රම්ප් දිගින් දිගටම ඉල්ලා සිටියේ ඔබාමා සහ බිඩෙන් දෙපළ සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දියත් කළ යුතු බවයි.

පෙරේදා (18) දින එක්සත් ජනපදයේ නීතිපති විලියම් බාර් මහතා හිටපු ජනපති ඔබාමා සහ වත්මන් අපේක්ෂක බිඩෙන් යන මහත්වරුන්ට එරෙහිව අපරාධ විමර්ශන දියත්කිරීමට ඇති හැකියාව බැහැර කරන ලදී. මෙය ට්‍රම්ප් ට කිසිසේත් සුභදායී පුවතක් නොවන්නට ඇත.

ඔබාමා සහ බිඩෙන් ට විරුද්ධව ගොනු කිරීමට ඇති චෝදනා මොනවාද? එවන් චෝදනාවක් නොමැති තරම් ය.

එහෙත් ට්‍රම්ප් සිය සුපුරුදු අවලාදාත්මක ස්වරයෙන් බාර් මහතා සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් පවසා සිටියේ, හොඳයි, හැබැයි, ඔතන මාව ඉලක්ක වූවා නම් තාමත් විමර්ශන පවත්වනවා.. යනුවෙනි.

බැරැක් ඔබාමා සහ ජෝ බිඩෙන් ට විරුද්ධව අපරාද චෝදනා ගොනු කිරීමට ට්‍රම්ප් ට මෙතරම් අවශ්‍යව තිබෙන්නේ ඇයි? ඇතැම් විට තමා කළ වැරදි සහ ගැනීමට සහ සිරගෙට නියම වීම පිළිබඳ බියකින් ට්‍රම්ප් පසුවනවා වන්නට පුළුවන.

මීට සතියකට ඉහත දී ජෝ බිඩෙන් මහතා පවසා සිටියේ තමා මීලඟ ජනාධිපති බවට තේරී පත්වූව හොත් කිසිවිටක සිය විධායක බලය භාවිතා කරමින් ට්‍රම්ප් ට එරෙහි ව ගොනුවී ඇති අපරාද චෝදනා සම්බන්ධයෙන් ජනාධිපති සමාව දීමට කටයුතු නොකරන බවයි.

බිඩෙන් මෙම අනතුරු ඇඟවීම කළ පළමු අවස්ථාව මෙය නොවේ. ජනතා ප්‍රසාදයක් හිමි කර ගෙන සිටින මෙම ඩිමොක්‍රටික් පාක්ෂිකයා පසුගිය වසරේ ඔක්තෝබර් මසදී අයෝවා ප්‍රාන්තයේ ගුවන් විදුලි වැඩසටහනකට සහභාගී වෙමින් ප්‍රකාශ කර සිටියේ, 1974 දී ජෙරල්ඩ් ෆෝර්ඩ් වොටර්ගේට් හඬපට සම්බන්ධ සිදුවීමේදී හිටපු ජනපති රිචර්ඩ් නික්සන් හට සමාව ලබාදීම ඔහු විසින් සිදුකළ අත්වරදක් බවයි.

ට්‍රම්ප් ට එරෙහි ව මේ වන විට ගොනුවී තිබෙන චෝදනා සම්බන්ධයෙන් බිඩෙන් පවසා සිටියේ ඔහුට සමාව ලබාදීම තුළ එක්සත් ජනපදයේ එක්සත් බව පිරිහෙන බවත්, ඇතැම් මිනිසුන් නීතියට ඉහළින් කටයුතු කරන්නේ ය යන පණිවුඩය මහජනතාව වෙත යනු ඇති බවත් ය.

මෑත කාලීන සිදුවීම් පිළිබඳ පසුවිපරමක් සිදුකළ බැලූ විට සැබවින්ම වත්මන් ඇමරිකානු ජනපතිවරයා නීතියට ඉහළින් කටයුතු කර ඇති බව පෙනෙන්නට තිබේ.

1973 දී සිදුවූ වෝටර්ගේට් වංචාවේදී අධිකරණ දෙපාර්තමේන්තුව විසින් අවධාරණය කර සිටියේ ධුරයේ හොබවන ජනාධිපතිවරයකු හට ව්‍යවස්ථානුකූල මුක්තිය හිමිවන බැවින් නඩු පැවරිය නොහැකි බවයි. එය 2000 වර්ෂයේදී ද යළිත් තහවුරු විය.

ඒ නයින් බලන කළ ට්‍රම්ප් ජනපති පුටුවේ අසුන් ගෙන සිටින තුරාවට ඔහු ආරක්ෂිතයි.

කෙසේවෙතත්, ට්‍රම්ප්ට සිය ජනපති ධුරයට සමූදීමට සිදුවූව හොත් තත්ත්වය බෙහෙවින් බරපතල විය හැකිය. ඔහුට විරුද්ධව ගොනුවී ඇති චෝදනා රාශියකි. මෙම චෝදනා අතර,

  • රුසියානු විමර්ශනයට අදාළව යුක්තිය පිළිබඳව ගොනුවූ චෝදනා වලට බාධා පැමිණවීම,
  • සිය දේශපාලන ප්‍රතිවාදීන් (බිඩෙන්) විමර්ශනය කරන ලෙස ලබපෑම් කරමින් යුක්‍රේන හමුදා ආධාර නීතිවිරෝධී ලෙස අත්හිටුවීම, සහ
  • සිය ප්‍රචාරක කටයුතු සඳහා විදෙස් රටවලින් ආධාර ඉල්ලා සිටීම ප්‍රමුඛ වේ.

එහෙත්, සුපුරුදු පරිදි ට්‍රම්ප් මෙම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර සිටියි.

ගවේෂණාත්මක තොරතුරු වාර්තා කරන ද ඉන්ටර්සෙප් නම් වෙබ් අඩවියට අනුව, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ලෙස යුක්‍රේනය හා චීනය සමඟ කළ සිදු කළ ගනුදෙණු තුළ උල්ලංඝනය කළ නීති සම්බන්ධයෙන් වසර 10 ක සිරදඬුවමකට නියම විය හැකිය.

ට්‍රම්ප් ට එරෙහි නීතිය ක්‍රියාත්මක වීමට බලපාන එකම සාධකය වනුයේ ඔහු ජනාධිපති ධුරය හෙබවීම තුළ ගොනුවූ චෝදනා පමණක් ම නොවේ. ඔහු සම්බන්ධයෙන් ගොනුවූ මූල්‍ය හා බදු ගනුදෙනු පිළිබඳ කාරණා ද බොහෝ මතිමතාන්තරයට තුඩු දී තිබේ, ඒවා බොහෝ නඩු පැවරීම් වලට යටත් වීමේ ඉඩ පවතී.

ට්‍රම්ප් බලයේ සිටින තුරාවට ඔහුට විරුද්ධව ගොනුවී ඇති චෝදනා වලින් ආරක්ෂා වී සිටිනු ඇත, එහෙත්, ඔහු බලයේ සිටිනා කාලය වැඩි වන තරමට මෙම නීතිමය විභවය තව තවත් ශක්තිමත් වනු මිස දුර්වල නොවේ.

නිදසුනක් වශයෙන් යුක්තිය පිළිබඳ චෝදනා වලට බාධා කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප් ට එරෙහිව ගොනුවී ඇති චෝදනා වලට උපරිම වසර 5 ක සිරදඬුවමක් නියම වීමට ඉඩ තිබේ. එහෙත්, ඔහු දෙවන වරටත් ධුරයේ තේරී පත්වූව හොත් මෙම කාලය මඟ හැර යාමට හැකිය. ඒ අනුව, මිය යන තුරාවට ඔහුට ජනාධිපති ධුරය හෙබවීමට සිදුවනු ඇත.

ඇමරිකාව ලෝක බලවතා බව සැබෑය. එහෙත් ඇමරිකාව යනු, අදටත් දියාවැඩියාවට අවශ්‍ය ඖෂධ ලබා ගැනීමට නොහැකිව මිනිසුන් මිය යන රටකි. ඔවුන් කිසිවිටක සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ලොව ඉදිරියේ පෙනී සිටීමට සූදානම් නැත.

එහෙත්, ඒකාධිපතිවාදී පාලන තන්ත්‍රයන් කඩා වැටීම පිළිබඳ ඇමරිකානු ඉතිහාසය දරන රටාව ද එතරම් ලක්ෂන නොවේ. එවන් සෑම අවස්ථාවකම පාලන බලය හෙබවූ නායකයා ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලුවට ලක්කරමින් සිය අභිමථාර්තය පරිදි කටයුතු කර තිබෙන්නේ ප්‍රතිවිපාක පිළිබඳව පවා නොසිතමිනි.

මෙම රටාව දිගින් දිගට ම පවත්වා ගෙන යාම ඇමරිකානු ජනතාවගේ ඒකායන ප්‍රාර්ථනය ද යන්න අප පැවසීමට දන්නේ නැත.

කෙසේ වෙතත්, ට්‍රම්ප් නීතිය ඉදිරියට ගෙනවිත් වරදකරුවකු වන්නේ නම් ඇමරිකානු ඉතිහාසයේ ට්‍රම්ප්ගේට් නාටකය ලියවීමට ද වැඩිකලක් නොයන බවට අවසාන වශයෙන් අවධාරණය කළ යුතුය.

මෙය ද ගාඩියන් පුවත්පත ට ආවා මහ්ඩාවි විසින් ලියන ලද ලිපියක සිංහල අනුවාදයකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි