×

Yoon Suk Yeol ට ජනාධිපතිධුරය අහිමි වෙයිද?

දකුණු කොරියානු ජනාධිපති Yoon Suk Yeol , ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවේ දෝෂාභියෝග නඩුව විභාග කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ තීන්දුව පිළිගැනීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා පවසයි


රෂිකා හෙන්නායක , ජනවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

දකුණු කොරියානු ජනාධිපති Yoon Suk Yeol , ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවේ දෝෂාභියෝග නඩුව විභාග කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ තීන්දුව පිළිගැනීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා පවසන අතර
මෙම තීන්දුව ලබා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය සමඟ රටේ ඉහළම අධිකරණ දෙකෙන් එකක් වන අතර එම අධිකරණයේ තීන්දු අභියාචනා කළ නොහැකි බව වාර්තා වේ. එබැවින්, දකුණු කොරියානු නායකයාට තම ජනපති ධූරය අහිමිවනු ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


මෙය බලයේ සිටින ජනාධිපතිවරයෙකු සඳහා අධිකරණයක් කළ පළමු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවවන අතර, තම නඩුව වෙනුවෙන් පෞද්ගලිකව පෙනී සිටීමට කැමැත්තෙන් සිටින බවත් ජනපතිවරයා පවසා ඇති බව සඳහන් වේ. දෙසැම්බර් 3 වන දින ඔහුගේ යුද නීති යෝජනාව සමඟ දකුණු කොරියාවේ කැරැල්ලක් ඇතිවූ අතර, ජනපතිවරයාට පක්ෂව සහ විපක්ෂව තවදුරටත් ජනතාව පෙළ ගැසෙමින් සිටී. ඔහුගේ නීතීඥවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මේ නිසා අධිකරණ තීන්දුවට හිස නමමින් ධූරයෙන් ඉවත් නොවුනහොත් රටපුටා තවත් විශාල කැරැල්ලක් ඇති වෙතැයි ජනපති සිතන බැවින් මෙලෙස, අධිකරණ තීන්දුව පිළිගෙන ධූරය අත්හැරීමට කැමැත්ත පළ කර ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි