×

සිම්බාබ්වේ, ඇත් දළ වෙළඳාමට අවසර ඉල්ලයි

අවසර නොදුන්නත් තීරණය වෙනස් නොවෙයි


ඇත්දළ වෙළදාම සමබන්ධයෙන් මෙතෙක් පනවා තිබූ නීති ඉවත් කිරීමට සිම්බාබ්වේ ඇතුළු තවත් දකුණු අප්‍රිකානු රටවල් 3ක් සැරසෙමින් සිටී. ඒ සම්බන්ධ යෝජනාවක් එම රටවල් විසින් Convention of International Trade in Endangered Specials of Wild Fauna and Flora (CITES) අවධානම් සහිත වන සත්ව සහ පැළෑටි වෙළදාම සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතිය වෙත ඉදිරිපත් කර ඇත.


අගෝස්තු 17 -28 දිනවලදී පැවැත්වෙන මේ සම්බන්ධ රැස්වීමේදී මේ පිළිබදව විවාදයට ගැනීමට නියමිතය. සිම්බාබ්වේ ප්‍රකාශ කර සිටින්නේCITES විසින් තම යෝජනාව ප්‍රතික්ෂේප වුවහොත් තමන් එහි සාමාජිකත්වයෙන් ඉවත් වන බවයි.

සිම්බාබ්වේ සහ අනෙකුත් රටවල් මෙම යොජනාව ඉදිරිපත් කරමින් කියා සිටින්නේ දකුණු අප්‍රිකාව සතුව ඇති තරම් ඇතුන් සිටින බවත් සිම්බාබ්වේ ඇතුන් හිමි රාජ්‍යයන් අතරේ දෙවන ස්ථානය ගන්නා බවත් ඒ අනුව ඇත් දළ වෙළදාම සදහා තමන්ට අවසර තිබිය යුතු බවයි.
සිම්බාබ්වේ රජය විසින් අත් අඩංගුවට ගෙන ඇති නීති රීති පැවතියදීද දඩයක්කරුවන් විසින් නීතිවිරෝධී ලෙස දඩයම් කර ඇති ඇත් දළ වල වටිනාකම ඩොලර් මිලියන 300කි
මෙම රාජ්‍යයන් පවසන්නේ ඇත් දළ වෙළදාමෙන් තමන්ගේ රටට ආදායමක් සොයා ගැනීමට මෙන්ම ජනතාවටද ඉන් වාසියක් ලැබෙනු ඇති බවයි.

ලෝකයේ ඇත් දළ ආශ්‍රිතව නිපද වන ලද භාණ්ඩ පරිහරණයේ විශාලතම රාජ්‍ය චීනය වන අතර 2018 වසරේදී ඇතු දළ වලින් නිපැයූ භෘණ්ඩ විකිණිම චීනය තුළ තහනම් කරනු ලැබිණි. නමුත් තවමත් චීනය ඇත් දළ ආශ්‍රිත භාණ්ඩ මිලට ගැනීමේ ප්‍රමුඛයාය.

මීට දශකයකට පෙර අප්‍රිකානු මහද්වීපයේ පමණක් අලි ඇතුන් මිලියනයකට අධික ප්‍රමාණයක් ජීවත් වූ බවට සංඛ්‍යා ලේඛන විසින් අනාවරණය කෙරෙන අතර අද වන විට අලීන් සිටින්නේ 625000ක් පමණි.

කෙසේ වුවත් මේ වන විටත් මේ සම්බන්ධ සාකච්ඡාව පැවතෙන අතර CITES විසින් දෙනු ලබන තීරණය බොහෝ විට නැගෙනහිර සහ දකුණු අප්‍රිකානු රටවල කණගාටුවට හේතුවක් වනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි