×

Windows 12 අද හෙටම නිකුත් වන බවට පැතිරෙන කතා වල ඇත්ත නැත්ත

Microsoft හි නව Windows Update Roadmap එක තුලින් මේ පිලිබදව වැඩි යමක් දැනගැනීමට හැකි වේ.


Windows 11 නිකුත් වී වසරක් ගත වෙත්ම Windows 12 පිළිබද විවිධ තොරතුරු හා කටකතා මේ වන විටත් පැතිරෙමින් පවතී. Microsoft සමාගම විසින් Windows සඳහා නව Update මාලාවක් වෙත නිකුත් කිරීමට සැලසුම් කර ඇතිබව වාර්තා වන නමුත් ඉදිරි මාසවලදී Windows 11 23H2 හෝ 24H2 යන Updates නිකුත් නොවනු ඇත.

විදෙස් ආරංචිමාර්ග සඳහන් කරන්නේ Windows 11 23H2 Sun Valley 3 සදහා Updates ලබා දීම Microsoft සමාගම විසින් නතර කර ඇති බවයි.

ඒ වෙනුව​ට Windows 12 හි සැකසුම් දැනටමත් ආරම්භ කර ඇති බව වාර්තා ​වේ. Microsoft හි නව Windows Update Roadmap එක තුලින් මේ පිලිබදව වැඩි යමක් දැනගැනීමට හැකි වේ.

Windows 11 2021 වසරේ නිකුත් වූ අතර මෙම Roadmap එකට අනුව Windows 12 2024 දී නිකුත් වීමට ඉඩ ඇති බවයි tech enthusiastsලා සඳහන් කරන්නේ.

Microsoft විසින් Windows 12 හිද Annual Updates – වාර්ෂික යාවත්කාලීන ක්‍රියාවලිය ඉවත් කරන බවට වාර්තා පළ වේ. ඒ වෙනුවට “Moments” නමින් නව විශේෂාංගයක් හදුන්වාදීමට තීරණය කර ඇති අතර එය වසර පුරා නව විශේෂාංග ගෙන එනු ඇත. Windows 12 හි වසරක් තුළ අවම වශයෙන් එවැනි විශේෂාංග හතරක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

Windows 12 හී අපේක්ෂිත Hardware requirements පහත වේ.

Processor: 1GHz or faster with 2 or more cores on a compatible 64-bit processor or System on a Chip (SoC)
Memory: at least 4 GB RAM
Storage: 64 GB or larger storage device
System firmware: UEFI, Secure Boot capable
TPM: TPM Trusted Platform Module (TPM) version 2.0
Graphics card: Compatible with DirectX 12 or later with WDDM 2.0 driver
Display: High definition (720p) display, greater than 9-inch diagonally and 8 bits per color channel support
Internet connection and Microsoft accounts: requires internet connectivity and a Microsoft account to complete device setup on first us
e.

Microsoft සමාගම පවසන ආකාරයට පරිශීලකයන් Windows 10 සිට 11 දක්වා update වීමේදී එය නොමිලේ වූවක් සේ Windows 11 සිට Windows 12 වෙත update වීමේදී ද ඔවුන්ට එය නොමිලේම කරගත හැකිවනු ඇති බවයි. තවමත් Windows 10 භාවිතා වන පරිගණක සදහා අයකිරීමකින් තොරව Windows 12 ස්ථාපනය කිරීමට විකල්පයක් ලබාදෙන බව සමාගම පවසයි.

Windows 12 පිලිබද නවතම තොරතුරු දැනගැනීමට මෙම අවකාශය සමග එක්ව සිටින්න.

SOURCE: THE VERGE, XDA



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි