×

යුද සිරකරුවන් ගැන චර්චිල්ගේ අමුතු අර්ථ දැක්වීම

වින්ස්ටන් චර්චිල්, එංගලන්තයෙන් බිහි වූ කැපී පෙනෙන නායකයෙකි. එසේම ඔහු යුධකාමී අයෙකු ලෙස ද සැලකේ.


දෙවැනි ලෝක යුද්ධයේ දී බ්‍රිතාන්‍ය ජයග්‍රහණය කරා මෙහෙය වූ නියමුවා ලෙස සැලකෙන්නේ අග්‍රාමාත්‍ය වින්ස්ටන් චර්චිල් ය.

ලෝකයේ එදා මෙදාතුර බිහිවූ හොඳම නායකයෙකු ලෙස ද ඔහු සැලකේ. දෙවරක් අග්‍රාමාත්‍ය පදවිය හෙබ වූ ඔහු, සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය ද දිනූ අයෙකි.

චර්චිල්ගේ දේශපාලන ජීවිතය හා යුද්ධය යන දෙකම ළඟින් බැඳී තිබිණි. බ්‍රිතාන්‍ය යුද හමුදාවේ නිලධාරියකු ද වූ ඔහු, දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වන සමයේ අද්මිරාල්කි හමුදාවේ පළමු සාමිවරයා බවට පත්විය.

ගැලිපොලි සටන දක්වාම ඔහු එම තනතුර හොබවා, ඉන්පසු බටහිර පෙරමුණේ ද මදකලක් සේවය කළේය.

රාජකීය ස්කොට් හමුදා සේනාංකයේ අණදෙන නිලධාරියාද වූ චර්චිල් හට යුද සිරකරුවන් ගැන අත්දැකීම් සම්භාරයක්ම විය. එසේම ඔහු යුද අපරාධ කළ බවට ද ලෝකයෙන් චෝදනා ලැබුවේය.

වරක් ඔහු යුද සිරකරුවන් යනු කවුදැයි විස්තර කළේ මෙසේ ය.

“යුද සිරකරුවා යනු, ඔබව මරා දැමීමට උත්සාහ කළ නමුත් එයට අපොහොසත්ව දැන් තමාව මරා නොදමන ලෙස ඔබෙන් ඉල්ලා සිටින්නාය.”

කවරයේ ඡායාරූපය – Imperial War Museums



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි