×

සීග්‍රයෙන් පැතිර යන කුරුළු උණ හේතුවෙන් ඇමරිකාවේ බිත්තර හිඟයක්!

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා ඇමෙරිකාවේ බිත්තර මිල 15% කට අධික සංඛ්‍යාවකින් ඉහළ ගොස් ඇත


රෂිකා හෙන්නායක පෙබරවාරි 21 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා ඇමෙරිකාවේ බිත්තර මිල 15% කට අධික සංඛ්‍යාවකින් ඉහළ ගොස් ඇති අතර, මෙලෙස ඇමෙරිකාවේ බිත්තර මිල ඉහළයාම හා බිත්තර හිගවීම සමග පාරිභෝගිකයෙකුට එක්වරකට මිලදී ගත හැකි බිත්තර ප්‍රමාණය සීමා කර ඇත.

මේ වන විට එරට බිත්තර 12 ක මිල ඩොලර් 05 කට ආසන්න වන අතර, ඇමෙරිකාව තුල සීග්‍රයෙන් පැතිර යන කුරුළු උණ හේතුවෙන් බිත්තර හිඟ වීමත් සමගයි බිත්තර මිල ඉහළ ගොස් ඇත්තේ.

ඒත් සමගම කූඩු තුළ ඇති කරන කිකිලියන්ගෙන් ලබා ගන්නා බිත්තර පමණක් අලෙවි කිරීමට පනවා තිබූ නීති ඉවත් කර ඇති අතර සෞඛ්‍ය ආරක්ෂිතව නිවෙස්වල ඇති කරන කිකිලියන්ගේ බිත්තර අලෙවියට ද අවසර ලබාදී තිබෙන අතර, කුරුළු උණ රෝගය හේතුවෙන් මේ වන විට ඇමෙරිකාවේ කුකුළන් මිලියන 160 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවද වාර්තා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි