ඇෆ්ගනිස්ථානයේ සිට අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් විසින් සිදුකළ ත්‍රස්ත ප්‍රහාරය විසින් ඇමරිකාවේ නිව්යෝක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානය සැප්තැම්බර් 11 වැනිදා බිමට සමතලා විය. මෙය, ඇමරිකානු ඉතිහාසයේ එල්ල වූ මාරකම ත්‍රස්ත ප්‍රහාරයයි. ගෝලීය ආරක්ෂාවේ ගමන් මග වෙනස් කළ මෙම සිදුවීමෙන් පසුව ඇමරිකාව ‘වෝ ඔන් ටෙරර්‘ හෙවත් ‘ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය‘ ආරම්භ කරයි.
ලෝක වෙළඳ මධ්‍යස්ථානය බිමට සමතලා වී ‘ග්‍රවුන්ඩ් සීරෝ‘ බවට පත් ව තිබූ අයුරු IMAGE COPYRIGHT BY GETTY
මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා වාණිජ ගුවන් යානා 4 ක් හයිජැක් කරන ලදී. නිව්යෝක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ට්වින් ටවර් ගොඩනැගිල්ල සුන් බුන් බවට පත් කළේ එම ගුවන් යානා දෙක හැප්පීම නිසාය. තවත් ගුවන් යානයක් වොෂින්ටනයේ පිහිටා තිබෙන ඇමරිකානු ආරක්ෂක මර්මස්ථානය වන පෙන්ටගන් ගොඩනැගිල්ලේ හැපුණේය. අනෙක් ගුවන් යානය පෙන්සිල්වේනියාවේදී කඩා වැටුණේය. මෙම ප්‍රහාරවලින් 3,000 කට අධික පිරිසක් මරුමුවට පත් වූහ.
ඇමරිකාව විසින් මෙහෙයවනු ලැබූ බෝම්බ ප්‍රහාරක ගුවන් යානා ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් සහ අල් කයිඩා මධ්‍යස්ථාන වෙත එල්ල කෙරිණි. මෙම ඉලක්කවලට කාබුල්, කන්දහාර් සහ ජලාලාබාද් යන නගර ද ඇතුළත් විය. තලෙයිබාන්වරු බින් ලාඩන් ව ලබාදීම ප්‍රතික්ෂේප කළහ. ඔවුන්ගේ ගුවන් ආරක්ෂක සහ ප්‍රහාරක ගුවන් යානා බලඇණි මෙම ප්‍රහාරවලින් සැලකිය යුතු අන්දමින් විනාශ විය.
තලෙයිබාන් විරෝධී කැරළිකරුවන් කණ්ඩායමක් වූ ‘උතුරුදිග සන්ධානය‘ තලෙයිබාන් සංවිධානය දුර්වල වීමත් සමග කාබුල් නුවරට ඇතුල් වෙයි. ඒ වන විට කාබුල් නුවර තලෙයිබාන් ග්‍රහණය බිඳ වැටී තිබේෙ
2001 නොවැම්බර් 13 දා වන විට කාබුල් නුවර සිටි සියලු තලෙයිබාන් සටන්කරුවන් එක්කෝ පළාගොස්, නැතිනම් නිෂ්ක්‍රිය තත්වයට පත් ව තිබිණි. තලෙයිබාන් ග්‍රහණයේ පැවති සෙසු නගර ද ක්ෂණිකව ඇද වැටෙන්නට විය.
“loya jirga” හෙවත් ‘මහා සභාව‘ක් ඇති කරමින් ඇෆ්ගනිස්ථාන් ආණ්ඩුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගත්තේය. මෙය, 2004 ඔක්තෝබරයේ පැවති මැතිවරණවලට මග පෑදුවේය.
පොපල්සායි ඩුරානි ගෝත්‍රයේ නායකයා වූ හමීඩ් කර්සායි, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පළමු ජනපතිවරයා බවට පත් විය. ඔහු ජනපති වශයෙන් පස් අවුරුදු ධුර කාල 2 ක්, එනම් වසර 10 ක් කටයුතු කළේය.
ඔවුන්ගේ මූලික මෙහෙයුම වූයේ ඉදිකිරීමේ ව්‍යාපෘතිවලට සහාය දැක්වීම වුවත්, ඔවුන් ඉතාම ඉක්මනිනින් සටන් පෙරමුණ වෙත යෙදවිණි. මෙම යුද්ධය තුළ බ්‍රිතාන්‍ය සොල්දාදුව් 450කට වැඩි සංඛ්‍යාවකට දිවි අහිමි වී තිබේ.
ඇමරිකානු ජනපති බරාක් ඔබාමා, ඇෆ්ගනිස්ථානයට යවන සොල්දාදුවන්ගේ කැපී පෙනෙන වැඩි වීමක් සිදු කළේය. ඒ අනුව 140,000 ක ඇමරිකානු සොල්දාදුවෝ පිරිසක් ඇෆ්ගනිස්ථානයට පැමිණියහ.
ඉරාකයේදී මෙන් සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සහ කැරළිකරුවන් මරා දැමීම ඔවුන්ගේ ප්‍රමුඛතාවයන් බව කියැවිණි.
අල් කයිඩා නායකයා ඇමරිකානු නේවි සීල් භටයන් විසින් පාකිස්ථානයේ ඇබොට්ටාබාද් හි ගොඩනැගිල්ලක් තුළ සිටියදී ඝාතනය කරනු ලබයි. මෙම ස්ථානය පිහිටා තිබුණේ පාකිස්තානයේ මිලිටරි ඇඩකමියට සැතපුමක් නුදුරෙන් විම විශේෂ ලක්ෂණයකි. බින් ලාඩන්ගේ මළ සිරුර මුහුදට දමනු ලැබිණි. මෙම ක්‍රියාන්විතය CIA සංවිධානය විසින් මෙහෙයවනු ලැබූ පැය 10 ක රහසිගත හමුදා මෙහෙයුමකි. බින් ලාඩන් පාකිස්ථානයේ ජීවත් වන බවට ලැබුණු මෙම සනාථ වීම විසින්, පාකිස්ථානය ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයට සහාය නොදක්වන්නේය යන ඇමරිකානු චෝදනාව ප්‍රබල කළේය. තවද, බින් ලාඩන් ඝාතනයට ලක් වන ආකාරය ඇමරිකානු ජනපති බරාක් ඔබාමා සහ උප ජනපතිනිය හිලරි ක්ලින්ටන් ඇතුළු කණ්ඩායම ධවල මන්දිරයේ සිට සජීවී ව නැරඹූ බව ද සඳහන් වේ.
ඇෆ්ගන් බුද්ධි අංශ තොරතුරුවලට අනුව මුල්ලා මොහොමද් ඕමාර් මිය යන්නේ පාකිස්ථානයේ කරච්චි නුවර රෝහලකදී ය. ඔහුගේ අසනීප තත්වය කුමක්දැයි හෙළිවන්නේ නැත. කෙසේ නමුත් පාකිස්ථානය, මුල්ලා සිය රටේ සිටි බව ප්‍රතික්ෂේප කරයි.
ඇෆ්ගන් ජනපති අෂ්රෆ් ඝානි, සිය ආරක්ෂක අංශ සාමාජිකයන් 45,000 ක් දෙනා 2014 සිට වසර 5 ක් ඇතුළත මෙම යුද්ධය නිසා මරණයට පත් ව ඇති බව නිවේදනය කරයි. මෙම සංඛ්‍යාව, කලින් සිතුවාට වඩා අතිශයින් ඉහළ අගයකි.
ඇමරිකාව සහ තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයට ‘සාමය ගෙන ඒමේ ගිවිසුම‘ක් අත්සන් කරයි. මෙය සිදුකරන්නේ කටාර් රාජ්‍ය යේ දෝහා නුවරදී ය. ඇමරිකාව සහ නේටෝ සංවිධානය මාස 14 ක් ඇතුළත සියලු භටයන් ඉවත් කර ගැනීමට එකග වන්නේ තලෙයිබාන්වරුන් ගිවිසුම ආරක්ෂා කරන්නේ නම් පමණි.
ඇමරිකානු හමුදාව, 9/11 ප්‍රහාරයෙන් හරියටම වසර 20කට පසුව ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමට සපථ කරයි. කෙසේ නමුත් මෙම ඉවත්කර ගැනීම එයට පෙර සිදුවිය හැකි බවට බොහෝ අනාවැකි පළ වේ.
අනාවැකිවලින් කියැවුණු පරිදිම, 2021 සැප්තැම්බර් 11 දාට මාස 2 කට පෙර ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්ථානය හැර දමා යයි. නමුත් පසුව හෙළිවන්නේ ඔවුන් ඉතාම කඩිමුඩියේ, පැදුරටත් නොකියා එසේ කර ඇති බවයි. එසේ කිරීමට හේතු පැහැදිලි නැත. නමුත් විසි වසරක තලෙයිබාන් යුද්ධය නිල වශයෙන් අවසන් වේ. ඇමරිකාව විසින් දියත් කළ මෙම යුද්ධය අවසානයේ ඇෆ්ගනිස්ථානයට ඉතිරි වී තිබෙන්නේ මොනවාද? ඇමරිකාව රටට සාමය ගෙන ආවේ නැත. මේ අතර, තලෙයිබාන් සංවිධානයට අවශ්‍ය දේ සිදුවීමත් සමග නවතම වාර්තා පෙන්වා දෙන්නේ තලෙයිබාන් ප්‍රහාර අනාගතයේදී දැඩි විය හැකි බවට ය. ඇමරිකාව ඉරාකයේ මෙන්ම ඇෆ්ගනිස්ථානයේ ද අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හරහා නව ජනාධිපතිවරයෙක් පත් කර ගත්තේය. එම ජනාධිපති හමීඩ් කර්සායි ඇමරිකානු හිතවතෙකු විය. අවසානයේ ඔවුන් විසි අවුරුද්දකට පසුවත් ඉතිරි කර යන්නේ ඉරාකය මෙන්ම විනාශ වූ දේශයක්ද? එය දැන් තීරණය කළ යුතුව තිබෙන්නේ තලෙයිබාන් සංවිධානය සහ ඇෆ්ගන් ආණ්ඩුවයි.
පෙර ලිපිය- 20 වසරක යුද්ධය නිමා කරමින් ඇමරිකානු හමුදාව මහ රෑ නොකියාම ඇෆ්ගනිස්ථානයෙන් පිටව යයි