×

ලෝක බැංකු සභාපති අනපේක්ෂිත ලෙස ඉල්ලා අස්වේ.

ඔහුගේ ඉල්ලා අස්වීම සිදුවන්නේ ධූර කාලය අවසන් වීමට තවත් වසර 3ක් ඉතිරිව තිබියදීය.


ලෝක බැංකු සභාපති ජිම් යොන්ග් කිම් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. ඒ අනුව ඔහුගේ අස්වීම එළැඹෙන පෙබරවාරි මස පලමු වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය

හිටපු ඇමරිකානු ජනපති බැරැක් ඔබාමා විසින් නිර්දේශ කාරිමෙන් අනතුරුව ලෝක බැංකු සභාපතිවරයා වශයෙන් ජිම් යොන්ග් තේරී පත් විය.

ඒ මෙතෙක් යුරෝපීය ජාතිකයන් ලෝක බැංකු සභාපතිවරුන් වීමේ සම්ප්‍රදාය අවසන් කරමිනි. 2017 වසරේදී පත්වූ ඔහුගේ ධූර කාලය නිම වීමට තවත් වසර තුනක් ඉතිරිව තිබියදී ඉල්ලා අස්වූ ඔහු ගේ තීරණයට හේතුව නිශ්චිත ලෙස සදහන් කර නොමැත. නමුත් ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කරන්නේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට මීළග සභාපති වරයා නිර්දේශ කිරීමට හැකිවීම මත ඔහුගේ අදහස් ලෝක බැංකුව තුළ ක්‍රියාත්මක කරවීම පහසු වනු ඇති බවයි. මේතාක් ට්‍රම්ප් ලෝක බැංකුව වැනි බහුපාර්ෂවීය ආයතන තුළ කාර්ය භාරය ලඝු කොට සැළකූ අතර ඔහු ඇමරිකානු විදේශාධාර සම්බන්ධව ප්‍රශ්න කරමින් සිටියේය.කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනපතිවරයා තවමත් නව පත් කිරීම පිළිබව අදහස් දක්වා නැත.


සංවර්ධනය වෙමින් පවතින රටවල යටිතල පහසුකම් සංවර්ධනය ඇතුලු සංවර්ධන ව්‍යාපෘති සදහා ජිම් යොන්ග් සමය තුළ විශාල දායකත්වයක් ලබා දුන් අතර නව සභාපතිවරයෙකු පත්කරන තෙක් තාවකාලිකව තනතුරේ පුරප්පාඩු පුරවන බවයි ලෝක බැංකු විධායක නිලධාරින් සදහන් කරයි. දකුණු කොරියා ජාතික කිම් යොන්ග් මෙම ධූරය හෙබවීමට පෙර වෛද්‍යවරයෙකු ලෙසත් සේවය කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි