×

Adidas සමාගම ගත් කණගාටුදායක තීරණය!

ලොවක් දිනූ Adidas සමාගම සිය ජර්මන් මූලස්ථානයේ, රැකියා අවස්ථා 500 ක් දක්වා කපා හැරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.


රෂිකා හෙන්නායක ජනවාරි 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ලොවක් දිනූ Adidas සමාගම සිය ජර්මන් මූලස්ථානයේ, රැකියා අවස්ථා 500 ක් දක්වා කපා හැරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, ලොව දෙවන විශාලතම ක්‍රීඩා ඇඳුම් නිෂ්පාදකයා ලෙස සැලකෙන සමාගමේ, පුද්ගලයින් 5,800 ක් පමණ සේවයේ නියුක්ත බවයි. සැලසුම් කර ඇති රැකියා කප්පාදුව පිළිබඳව මීට ඉහත සමාගම් කළමනාකරු විසින් දැනුම් දීමක් ද සිදුකර ඇත.

කෙසේ නමුත් සමාගම කොපමණ රැකියා ප්‍රමාණයක් කපා හරිනු ඇත්දැයි නිල වශයෙන් තීරණය කර නොමැති බව සඳහන්වේ . විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, නමුත් තනතුරු 500 ක් දක්වා ප්‍රමාණයකට බලපෑම් ඇති විය හැකි බව‍යි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි