×

ලෝක පාපන්දු තරඟාවලියේ පළමු තරඟයේ ජය ඉක්වදෝරයට

අද දින තරඟය එංගලන්තය සහ වේල්සය අතර පැවැත් වේ.


කටාර්හි Al Khor හි Al-Bayt ක්‍රීඩාංගනයේ ඊයේ දිනයේ(20) පැවති පළමු ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේදී සත්කාරකත්වය දරන කටාරය ගෝල 2-0 ලෙස පරාජය කිරීමට ඉක්වදෝරය සමත්ව ඇති බව වාර්තා වේ.


මෙහිදී ඉක්වදෝරය වෙනුවෙන් එනර් වැලෙන්සියා ගෝල ලබා ගැනීමට සමත් වූ අතර ලෝක කුසලාන ඉතිහාසයේ ආරම්භක තරගයක් පරාජය වූ එකම සත්කාරක රට කටාර් වේ. එම පිලට ලැබුණු පහරවල් පහක්ම අසාර්ථක විය.

අද දින තරඟය එංගලන්තය සහ වේල්සය අතර පැවැත් වීමට නියමිත වන අතර මෙවර ලෝක කුසලානය වෙනුවෙන් කටාරය විසින් ඩොලර් බිලියන 200 ක් වියදම් කර ඇති බව වාර්තා වේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි