×

වැඩියෙන්ම මාංශ පාරිභෝජනය කරන රට කුමක්ද?

2013 වසරේ සිදු කරන ලද නිරීක්ෂණයන්ට අනුව ඇමරිකා එක්සත් ජනපදය සහ ඔස්ට්‍රේලියාව ලෝකයේ මාංශමය ආහාර පරිභෝජනය කරන රටවල් අතර ඉහළින්ම සිටින රටවල්ය .


ලෝකය මාංශ පරිභොජනයෙන් ඉවත් වෙමින් සිටින බව අපට දැන් දැන් ඇසෙන්නට ලැබෙන්නේය. ඒ නිසාවෙන්ම ලෝකයේ එක් කොටසක් සෞඛ්‍ය සම්පන්න වෙමින් , පරිසරය සුරක්ෂිත කරමින් සහ සත්වයින්ගේ සුභ සාධනය සළසමින් සිටී.
බ්‍රිතාන්‍ය ජාතිකයින් තිදෙනෙකුගෙන් එක් අයෙක් තව දුරටත් මාංශ කෑමෙන් ඉවත් වනවාද යන්න සිතමින් සිටින අතර ඇමරිකානුවන් තුනෙන් දෙකක් මාංශ ආහාර භාවිතය අඩු කරමින් සිටින බව කියයි.


ලෝකයේ මාංශ පරිභෝජනය ගැන අප දැන සිටියාද?
පසුගිය 50 වසර තිස්සේ ලෝකයේ මාංශ පරිභෝජනය දෙස බැලූ විට 1960 පැවති මාශ පරිභෝජනයට වඩා අද තත්ත්වය පස් ගුණයකින් වැඩිය‍
ඒ අද වන විට වැඩි වන ජනගහණයත් සමගය.


1960 වසරට පෙර ලෝකයේ ජනගහණය බිලියන තුනක් පමණ වුවද අද වන විට එය බිලියන 7.6ට වඩා වැඩි වී ඇත. එමෙන්ම ලෝකයේ ජනතාව අතර ධනයද වසර 50ක් තුළ තුන් ගැණයකින් වැඩි වී ඇත. එමෙන්ම පෙහොසත් රටවල මාංශමය ආහාර භාවිතය ද වැඩි වී ඇත.

2013 වසරේ සිදු කරණ ලද නිරීක්ෂණයන්ට අනුව ඇමරිකා එක්සත් ජනපදය සහ ඔස්ට්‍රේලියාව ලෝකයේ මාශමය ආහාර පරිභෝජනය කරන රටවල් අතර ඉහළින්ම සිටින රටවල්ය .
එම රටවල් දෙකෙහිම එක් පුද්ගලයෙකු කිලෝ ග්‍රෑම් සියයට වඩා වැඩිය. ඉන් කිලෝග්‍රෑම් 50ක් කුකුල් මස් වන අතර කිලෝ ග්‍රෑම් 50ක් හරක් මස් ය. මේ අතර බටහිර රටවල් වල වැඩියෙන් මස් පරිභොජනය සිදු වේ. බටහිර යුරෝපීය රටවල එක් පුද්ගලයෙක් විසින් කිලෝ ග්‍රෑම් 80ත් 90ත් අතර ප්‍රමාණයක් පරිභෝජනය කරනු ලබන්නේය.


එමෙන්ම ලොව දුප්පත් රටවල් වල ජනතාව විසින් මාංශ පරිභෝජනය කරන්නේ සුළු වශයෙනි. ඉතියෝපියාවේ ඒක් පුද්ගලයෙක් විසින් පරිභෝජනය කරන්නේ කිලෝ ග්‍රෑම් 7ක පමණ සුළු ප්‍රමාණයකි. රුවන්ඩාවේ ඒක පුද්ගල මාශ පරිභෝජනය කිලෝ ග්‍රෑම් 8ක් වන අතර නයිජීරියාවේ කිලෝ ග්‍රෑම් 9කි. යරෝපීය රටවල් ඒක පුද්ගල මාශ පරිභෝජනයට වඩා එයි දස ගුණයකින් අඩුය.
මෙවැනි අඩු ආදායම් ලාභී රටවල මාංශ යනු තවමත් සුඛොපභෝගී ආහාරයකි.

මධ්‍යස්ථ ආදායමක් අැති චීනය‍්බ්‍රසීලය, ආදී රටවල මේ වන විට ඒක පුද්ගල මාශ පරිභෝජනය වැඩි වෙමින් පවතින්නේය.
1980 වන විට ඒක පුද්ගල මාංශ පරිභෝජනය කිලෝ ග්‍රෑම් 20ක්ව පැවත ඇති අතර එය 90 දශකය වන විට කිලෝ ග්‍රෑම් 60 දක්වා තුන් ගුණයකින් වැඩි වී ඇත.
බ්‍රසීලයේ තත්ත්වයද එසේමය.

ඉන්දියාව එළවළු පමණක් ආහාරයට ගන්නා රටක් සේ අප සිතා සිටියද එය මේ වන විට හාත්පසින්ම වෙනස් වී ඇත. ඉ්දුියානුවන්ගෙන් තුනෙන් දෙකක් කුමන හෝ අයුරකින් මාංශ පරිභෝජනය කරනු ලබයි.
මේ වන විට ලෝකයේ බහුතරයක් බටහිර රටවල් විසින් මාංශ පරිභෝජනය අඩු කිරීමට උත්සහා ගන්නා බව පැවසුනද සඛ්‍යාලේඛන වලින් පෙනී යන්නේ එසේ නොවන බවයි.
ඇමරිකා එක්සත් ජනපදයේ කෘෂිකාර්ම දෙපාර්තුමේන්තුවේ දත්ත අනුව පෙනී යන්නේ ඒක පුද්ගල මාශ පරිභෝජනය අඩු වී ඇකි බවයි.

මේ අතර 2018 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ මාංශ පරිභෝජනය පසු ගිය දශකය තුළ ඉහළම මාංශ පරිභෝජනය කළ වර්ශය බවට පත් වී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි