×

ලෝකයේ දූෂිතම නගර 20න් 18ක් දකුණු ආසියාවේ!

ග්‍රීන්පීස් සංවිධානය විසින් නිකුත් කළ මෙම සමීක්ෂණ වාර්ථාවට අනුව පරිසර දූෂණය හේතුවෙන් මී ලග වසරේදී පමණක් පුද්ගල අකල් මරණ මිලියන 7ක් සිදු විය හැකි බවයි.



ලෝකයේ වැඩියෙන්ම දූෂිත නගර 10 අතරට ඉන්දියාවේ නගර 7ක් ඇතුළත් වන බව පර්යේෂණ මගින් හෙළි වී ඇත. මෙතෙක් එම ස්ථානයේ සිටියේ චීනය වන අතර මේ වන විට චීනය ඉන් මිදී පරිසර දූෂණයෙන් සිය නගර මුදා ගැනීමට යම් පියවරයන් අනුගමනය කර ඇති බව පෙනී යයි.

කෙසේ වෙතත් ඉන්දියාව මේ වන විට ලෝකයේ දූෂිතම නගර වැඩිම සංඛ්‍යාවක් ඇති රට බවට පත් වී ඇත‍.

මිනිසාට ජීවත් වීමට සුදුසු ගුණාත්මයක් වායුගෝලයේ පවතියි ද යන්න ‘‘වායුගෝලයේ ගෝලීය ගුණාත්මකතාවය පිළිබඳ දර්ශකය‘‘ විසින් වාර්ෂිකව මැන බලන අතර, එහිදී වාර්ෂික වාර්තාවක් එළිදක්වනු ලබයි.

එම සමීක්ෂණ වාර්තාව එළි දක්වා ඇත්තේ ග්‍රීන්පීස් සංවිධානය සහ එයාර් විෂුවල් සංවිධානය යන පරිසරය සම්බන්ධව කටයුතු කරන ප්‍රධාන ජාත්‍යන්තර සංවිධාන දෙකක් විසිනි.

මේ අනුව ඉන්දියාවේ අග නගරය වන නව දිල්ලියේ පිහිටි උප නගරයක් වන ගුරුග්‍රාම් ලෝකයේ දූෂිතම නගරය බවට හදුනා ගෙන ඇත.

වායූ ගුණාත්මක දර්ශකයේ 135.8 ස්ථානය ගුරුග්‍රාම් නගරය වෙයි. ඒ අනුව එම නගරය සෞඛ්‍යයට ඉතාමත් අහිතකර නගරය මෙන්ම එහි වෙසෙන සෑම දෙනෙකුම යම් ආකාරයක බලපෑමකට හසු වන බව මෙම වාර්ථාව මගි් පෙන්වා දී ඇත.

ග්‍රීන්පීස් සංවිධානය විසින් නිකුත් කළ මෙම සමීක්ෂණ වාර්ථාවට අනුව පරිසර දූෂණය හේතුවෙන් මී ලග වසරේදී පමණක් පුද්ගල අකල් මරණ මිලියන 7ක් සිදු විය හැකි බවයි. එමෙන්ම එය ආර්ථිකය මත බලපෑඹ් කරන ප්‍රධානතම සාධකයක්ද විය හැකි බව මෙම වාර්ථාව මගින් පෙන්වා දෙයි. ලෝකය පුරා පරිසර දූෂණය හේතුවෙන් අහිමි වන ශ්‍රම වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 225කි.

මෙමගින් වැඩිම බලපෑම සිදුව ඇති කලාපය දකුණු ආසියාව වීම කෙරේ එම රටවල්වල දැඩි අවධානය යොමුවිය යුතුව ඇත. මන්ද ලෝකයේ දූෂිතම නගර 20 අතරේ නගර 18ක් ඇත්තේ දකුණු ආසියාවේය. ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, යන රටවල ලාහෝරය, දිල්ලිය, ඩාකා යන අග නගර ඒ අතරේ 10,11,17 වන ස්ථාන බවට පත්ව ඇත.

මෙය දේශගුණික විපර්යාසයන්හී ප්‍රබලතම හේතුව බවට පත්වී ඇත‍. ගෝලීය දේශ ගුණික විපර්යායන් කෙරේ දකුණු ආසියාව සහ චීනයෙන් එල්ල වන බලපෑම ඒ අනුව ඉහළ යමින් තිබේ. මෙම වාර්තාව මගින් නම් කර ඇති නගර 3000ක ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වාර්ෂික දර්ශකයන්ට අනුව Particulate Matter හෙවත් PM අගය 2.5ට අඩු අගයක් ගනී.

.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි