×

2050 වන විට ගෝලීය ජනගහනයට මොකද වෙන්නේ ? – එක්සත් ජාතීන්ගේ වාර්ථාව එළිදකී

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම වාර්ථාව අනුව ලෝකයේ රටවල් 09ක් ප්‍රධාන වශයෙන් මෙම ගෝලීය ජනගහනයේ ඉහළ යෑමට වගකීම දරනු ඇත.


2050 වසර වන විට සමස්ත ගෝලීය ජනගහනය බිලියන 9.7ක් දක්වා ඉහළ යනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කළ වාර්ථාව අනාවරණය කරයි.

මේ වන විට ලෝක ජනගහනය බිලියන 7.7ක් වේ. එමෙන්ම අද වන විට ලෝකය වයස් ගත වීමේ ප්‍රවණතාවක් ඉස්මතු වෙමින් පවතී.

එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කටයුතු අංශය පවසන පරිදි මෙම සිය වස අවසන් වන විට ගෝලීය ජනගහනය බිලියන 11 දක්වා ළගා වනු ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම වාර්ථාව අනුව ලෝකයේ රටවල් 09ක් ප්‍රධාන වශයෙන් මෙම ගෝලීය ජනගහනයේ ඉහළ යෑමට වගකීම දරනු ඇත. ඒවා පිළිවලින් ඉන්දියාව, නයිජීරියාව, පාකිස්ථානය, කොංගෝව, ඉතියෝපියාව, ටැන්සානියාව, ඉන්දුනීසියාව, ඊජිප්තුව සහ ඇමරිකා එක්සත් ජනපදයයි. මේ අනුව ප්‍රධාන වශයෙන් අප්‍රිකානු රටවල ජනගහණය 2050 වන විට පවතින සංඛ්‍යාවට වඩා දෙගුණයක් වනු ඇත.

1990 වසරේදී ගෝලීය සාඵල්‍ය අනුපාතය කාන්තාවක් සදහා දරුවන් 3.2 ක් වූ අතර 2019 වසර වන විට එය 2.5 දක්වා පහත වැටිණ. එය 2050 වසර වන විට 2.2 දක්වා පහත වැටෙනු ඇති බවට අපේක්ෂා කෙරේ. සාමාන්‍යයෙන් ජනගහන ප්‍රත්‍යාදේශනය සදහා මෙන්ම සමතුලිත බව සදහා ගෝලීය සාඵල්‍යතා අනුපාතය අවම වශයෙන් 2.1වත් විය යුතු වෙයි. එමෙන්ම උප සහරානියානු අප්‍රිකානු රාජ්‍යයන් වල එක් කාන්තාවක් සදහා උපත් අනුපාතිකය 4.6ක් දක්වා ඉහළ මට්ටමක පැවතෙනු ඇත.

පැසිෆික් කලාපයේ ටවල් වන උතුරු අප්‍රිකාව, බටහිර, මධ්‍යම සහ දකුණු ආසියානු රටවල් ඊට පහළ අගයක් ගනු ඇත.

2019ත් 2050ත් අතර කාලය තුළ රාජ්‍යයන් 55ක ජනගහනය සියයට 1කින් අඩුවනු ඇත. එමෙන්ම රටවල් 26ක 10%කින් අඩු වනු ඇත. උදාහරණයක් ලෙස චීනයේ එම කාලය අතර තුර මිලියන 31.1කින් ජනගහනය අඩු වනු ඇත.

මේ අයුරින් ලෝකයේ සාඵල්‍යතාව පහත වැටීමේ ප්‍රවණතාවක් උදාවීමට හේතු පාදක වන කරුණු ලෙස අනාවරණය වී ඇත්තේ අධ්‍යාපනය , රැකියා නියුක්තිය මෙන්ම විශේෂයෙන්ම නාගරික සමාජ ස්ථරයන් තුළ පුංචි පවුල සංකල්පය පැවතීම ආදියයි. එමෙන්ම ඉදිරියේදී මිනිසා හට වඩ වඩාත් උපත්පාලන ක්‍රම විධි අවශ්‍ය වන කාලයක් උදා වනු ඇති බවද අනාවරණය වෙයි.

එමෙන්ම ඉදිරියේද් ඇතැම් රටවල ජනගහණ වර්ථනයට සහ තවත් රටවල ජනගහණය අවම වීමට සංක්‍රමණ , ප්‍රධානතම හේතුවක් වනු ඇත. 2010 සහ 2020 කාලය තුළ රටවල් 14කට මිලියනයක ජනගහණයක් ආගමනය වී ඇත. ඒ තවත් රටවල් 10කින් ඊට සමානව ජනගහණය පහත වැටෙද්දීය. උදාහරණ වශයෙන් බංග්ලාදේශය, ලිගපීනය වැනි රටවල විදෙස් ශ්‍රමිකයන් සේ සංක්‍රමණ සිදු වෙමින් පවතින අතර මියන්මාරය, සිරියාව, වෙනිසියුලාව ආදී රටවල පවතින ගැටුම් හේතුවෙන් ජනතාව වෙනත් රටවලට සංක්‍රමණය වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි