×

ලෝකයට තව හෙද හෙදියන් මිලියන 6ක් ඕනෑ – ලෝක සෞඛ්‍ය සංවිධානය

ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවේ සඳහන් වන්නේ හෙද හෙදියන්මේ වන විට ලෝකය පුරා සිටින්නේ මිලියන 28 කට අඩු සංඛ්‍යාවක් බවයි. 2018 දක්වා වූ පස් වසර තුළ එම සංඛ්‍යාව මිලියන 4.7 කින් වර්ධනය වී ඇත.


 

පසුගිය අගහරුවාදා වාර්ථාවක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කලේ ලෝකයට මේ වන විට මිලියන 6ක හෙද හෙදියන් අලුතෙන් අවශ්‍ය කර ඇති බවයි. ලොව පුරා සිටින සෞඛ්‍ය සේවකයින්ගෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් සිටින හෙදියන් විසින් ඉටු කරනු ලබන තීරණාත්මක කාර්යභාරය එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සිය සහ ජාත්‍යන්තර හෙද කවුන්සිලය (අයිසීඑන්) විසින් අවධාරණය කරයි.
“ඕනෑම සෞඛ්‍ය පද්ධතියක කොඳු නාරටිය හෙදියන්” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය. “ඕනෑම සෞඛ්‍ය පද්ධතියක කොඳු නාරටිය හෙද හෙදියන් බවයි”

ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවේ සඳහන් වන්නේ හෙද හෙදියන්මේ වන විට ලෝකය පුරා සිටින්නේ මිලියන 28 කට අඩු සංඛ්‍යාවක් බවයි. 2018 දක්වා වූ පස් වසර තුළ එම සංඛ්‍යාව මිලියන 4.7 කින් වර්ධනය වී ඇත.

“නමුත් තවමත් මිලියන 5.9 ක ගෝලීය හිඟයක් ඇතිබව එය පෙන්වා දෙන්නේය. මේ අනුව අප්‍රිකාවේ, අග්නිදිග ආසියාවේ, මැදපෙරදිග සහ දකුණු ඇමරිකාවේ සමහර ප්‍රදේශවල දුප්පත් රටවල විශාලතම හිගයක් ඇති බව එම වාර්ථාව මගින් පෙන්වා දෙයි.

ඒ අනුව සිය රටවල හෙද ශ්‍රම බලකායේ හිඩැස් හඳුනාගෙන හෙද අධ්‍යාපනය, රැකියා සහ නායකත්වය සඳහා ආයෝජනය කරන ලෙස වාර්තාව රටවල්වලින් ඉල්ලා සිටියේය.
අයිසීඑන් ප්‍රධාන විධායක හොවාර්ඩ් කැටන්  පැවසුවේ ආසාදන අනුපාතය, මරණ අනුපාතය “හෙදියන් අඩු සංඛ්‍යාවක් සිටින සෑම තැනකම ඉහළ මට්ටමක පවතින” බවයි.

හෙද සේවා වාර්තාවේ සම සභාපතිත්වය දැරූ මේරි වොට්කින්ස්, සෞඛ්‍ය සේවකයින් සඳහා වෛරස් පරීක්ෂණ සඳහා හදිසි ආයෝජනයක් ඉල්ලා සිටි අතර
“සෞඛ්‍ය සේවකයින් වැඩට නොයෑමේ ඉතා ඉහළ ප්‍රතිශතයක් දැකිය හැක්කේ තමන් ආසාදනය වනු ඇති බවට ඔවුන් බිය වී සිටින නිසාත්, ඔවුන් ආසාදනය වී නොමැති බව ඔප්පු කිරීමට ඔවුන්ට නොහැකි නිසාත් බව ඇය කියා සිටියාය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි