×

ලොව විශාලතම මී මැසි යෝධයා ජීවතුන් අතර

මෙම යෝධ මී මැස්සන් ගැන අවසන් වරට 1981 දී අසන්නට ලැබී ඇති අතර ඉන් පසු ඔහු ලෝකයෙන් තුරන් ව ගිය බව කාගේත් අවධානයට ලක්ව තිබිණ.


ලෝකයට අහිමි වී ගොස් ඇතැයි සිතා සිටි ලොව විශාලත්වයෙන් වැඩිම මී මැස්සන් තවමත් ජීවත්ව සිටින බව පසු ගියදා විද්‍යාඥයින් පිරිසක් විසින් සොයා ගණු ලැබිණි. වැඩිහිටියකුගේ මහපට ඇගිල්ලක් තරම් විශාල මෙම යෝධ මී මැස්සෙකු සොයාගත හැකිව තිබෙන්නේ ඉන්දුනීසියානු දූපතකදීය.

දින ගණනාවක් පුරා සිදු කරන ලද මෙහෙයුමකින් පසු පර්යේෂකයින් පිරිසක් විසින් එක් සජීවී මී මැසි ගැහැණු සතෙකු සොයා ගැනීමට සමත් වී ඇත. වොලස් ගේ යෝධ මී මැස්සා නමින් හදුන්වන මෙම මී මැස්සාට එම නම ලැබුණේ ඔහු පිළිබදව මුලින්ම කරුණු ඉදිරිපත් කළ බ්‍රිතාන්‍ය ජාතික ගවේශකයෙක් හා ස්වභාව වාදියෙකු වන රසෙල් වොලස් විසින් වීම හේතුවෙනි. ඒ 1858 වසරේදීය.

මෙම යෝධ මී මැස්සන් ගැන අවසන් වරට 1981 දී අසන්නට ලැබී ඇති අතර ඉන් පසු ඔහු ලෝකයෙන් තුරන් ව ගිය බව කාගේත් අවධානයට ලක්ව තිබිණ.

කෘමී සතුන් ලෝකයෙන් වඳ වී යෑමේ ප්‍රවණතාවක් මේ වන විටත් ලෝකයේ දකින්නට හැකි වී ඇත්තේය.සෙන්ටි මීටර් 4ක පමණ දිගකින් යුත් මෙම යෝධ මී මැස්සා සාමාන්‍ය මී මැස්සෙකුට වඩා විශාලත්වයෙන් අධික වේ.

වොලස් ගේ මීමැස්සා හට

  • සිය විශාල පියාපත් යුවල සෙන්ටිමීටර් 6ක ප්‍රමාණයක පළලින් යුක්ත වන සේ විහිදුවා ලිය හැකි වේ.
  • වේ තුඹස් තුළ සිය නිවෙස් සදා ගන්නා මෙම යෝධ මී මැස්සන් සිය විශාල හකු තුළ රදවා ගත් ගස් වල මැලියම් රැගෙන විත් වේයන්ගෙන් ආරක්ෂා වීම සදහා සිය නිවාස සාදා ගනී,
  • චාල්ස් ඩාවින් පරිණාම වාදය වැඩිදියුණු කළ රසෙල් වොලස් මෙම මී මැස්සාව හදුන්වන්නේ විශාල හකු ප්‍රදේශයක් සහිත අති විශාල කළු දෙබරෙක් වැනි කෘමියෙකු ලෙසයි.


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි