×

මිනිත්තුවකදී ප්ලාස්ටික් බෝතල් 200000 නිපදවන ”Coca-Cola” ලොව දැවැන්තම ‘ප්ලාස්ටික් දූෂකයා’ ලෙස නම් කෙරේ

කිසිසේත් අපි ප්ලාස්ටික් බෝතල් නිපදවීම නතර නොකරමු - Coca-Cola


මිනිත්තුවකට ප්ලාස්ටික් බෝතල් 200 000ක් නිපද වන Coca-Cola සමාගම ලොව දැවැන්තම පරිසර දූෂක සන්නාමය ලෙස ප්ලාස්ටික් අපද්‍රව්‍ය පිළිබඳ ගෝලීය විගණනයකදී බ්‍රේක් ෆ්‍රී ප්ලාස්ටික් සංවිධානය විසින් නම් කරන ලදී,

එහෙත් පසුගියදා ඩාවෝස්හීදී පැවති ලෝක ආර්ථික සමුළුව – ඩාවෝස් 2020 අමතමින් Coca-Cola සමාගමේ තිරසාරත්වය පිළිබද ප්‍රධානී බී පෙරෙස් පැවසුවේ තම සමාගම කිසි සේත් ඉදිරියේදීත් ප්ලාස්ටික් බොතල් තම නිෂ්පාදන ඇසිරීමට භාවිතා කරන බවයි. කිසිසේත් එම තීරණය වෙනස් නොවන බව පැවසූ ඇගේ අදහස වූයේ තම පැණි බීම වර්ග සහ සෝඩා වර්ග අසුරණ ප්ලාස්ටික් බෝතල් වල සැහැල්ලු බව සහ ඒවායේ ඇති සමානත්වය හේතුවෙන් පාරිභෝගිකයන් තව දුරටත් ප්ලාස්ටික් බෝතල් ඇසුරුම් ලෙස ඉල්ලා සිටින බවයි.

ඒ අනුව නිෂ්පාදනය අත් නොහලද තම සමාගම නිපදවා භාවිතයෙන් පසු ඉවත ලන බෝතල් ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ වැඩපිළිවලකට සූදානමින් සිටින බව ඇය පැවසීය.

නමුත් පරිසරය සුරැකීමේ සංවිධාන රැසක් පවසා සිටින්නේ එවැනි වැඩ සටහනක සාර්ථකත්වය හෝ එවැන්නකින් පරිසරය රැකගනු හැකිවෙතැයි තමන්ට කිසිසේත් බලාපොරොත්තු විය නොහැකි බවයි.

ප්ලාස්ටික් වලට එරෙහි යුද්ධයේදී කොකාකෝලා සමාගමට මිතුරෙකු විය හැකිද?

කොකාකොලා සමාගම වසරකට නිපදවන ප්ලාස්ටික් ඇසුරුම් ටොන් මිලියන 3කට අධික ප්‍රමාණයක් නිපදවයි. ලොව වඩාත්ම බලගතු පාරිභෝගික වෙළද සන්නාමයන්ගෙන් එකක් මෙන්ම විශාලතම ප්ලාස්ටික් දූෂකයා වන කොකාකෝලා නිෂ්පාදන ඇසුරුම් ලෝකයේ අස්සක් මුල්ලක් නෑර අපද්‍රව්‍ය ලෙස පරිසරයට බැහැර කර ඇති අයුරු දැක ගක හැකි වේ.

පසුගියදා පැවති ගෝලීය සමීක්ෂණයකදී ලොවපුරා වෙරළ තීරවල, ජලමාර්ග, කානු පද්ධති, උද්‍යාන සහ වීදි පුරා දක්නය ලැබෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය විගණනය කිරීමේදී විශාලතම අපද්‍රව්‍ය ප්‍රමාණයක පොදු සන්නාමය ලෙස දැකිය හැකි වූයේ කොකා කෝලා නිෂ්පාදනයි.

ඇස්තමේන්තු කර ඇති පරිදි මෙම වසරේදී කොකාකෝලා සමාගම ප්ලාස්ටික් බෝතල් ට්‍රිලියන භාගයකට වඩා අලෙවි වනු ඇති අතර ඉන් බිලියන 45ක් අවම වශයෙන් ප්‍රතිචක්‍රී කරණය නොකරනු ඇති බව පරිසර සංවිධාන වල අදහසයි.

මෙසේ ප්‍රතිචක්‍රීකරණය නොකරන ලද බෝතල් ගොඩබිමේදී අවසන් වන්නේ පුළුස්සා දැමීමෙන් හෝ පස තුළ වැළලීමෙනි. එසේත් නැතිනම් ඒවා ජලමාර්ග හරහා අවසානයේදී නතර වන්නේ සාගරයෙනි.


අනෙකුත් වගකිවයුත්තෝ
කොකාකෝලා සමාගමට පසු ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිපදවන දෙවන හා තෙවන දැවැන්ත සමාගම් ලෙස හදුනා ගෙන ඇත්තේ පෙප්සිකෝ සහ නෙස්ලේ සමාගම්ය.

Top collected plastic polluters in the 2019 audit.

මෙකී සමාගම් විසින් නිපදවූ ප්ලාස්ටික් අපද්‍රව්‍ය බහුලව නිපදවා ඇත්තේ පොලිස්ටරීන් සහ පොලිඑතිලීන් ටෙරෆ්තලේට් (පීටීඊී) අමුද්‍රව්‍ය ඇසුරිනි. ඒවා ප්‍රතිචක්‍රීය කරණය කළ හැකි මට්ටමේ ඇති ප්ලාස්ටික් වන අතර 2030 වන විට අවම වශයෙන් 50% ක් ප්‍රතිචක්‍රීකරණය කළ අමුද්‍රව්‍ය ඇසුරින් බෝතල් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තුවන බව කොකාකෝලා සමාගම ඩාවෝස් සමුළුවේදී ප්‍රතිඥා දුන්නේය.

මේ අතර ලෝකයේ සුප්‍රසිද්ධ වෙළඳ සමාගම් සිය ඇසුරුම් සෙ භාවිත කරන තවත් අමුද්‍රව්‍යක් වන multi-layered material හෙවත් බහුස්ථර අමුද්‍රව්‍ය ප්‍රතිචක්‍රීය කරණය කිරීම ඉතාමත් අපහසු කටයුත්තක් වේ.

මේවා අර්තාපල් චිප් බෑග්,පළතුරු යුෂඇසුරුම්,ටෙට්‍රපාක් පෙට්ටි වැනි ස්ථායී ඇසුරුම් සහ ආසියානු කලාපය වැනි අඩු ආදායම්ලාභී පාරිභෝගිකයින්ට නිපදවන ක්ෂණික ආහාර විවිධ වෙළඳ නාම යටතේ ලබා දීම සදහා භාවිත කරනු ලබයි.

Top plastic polluting brands in the us

මෙවැනි ප්ලාස්ටික් සිය ඇසුරුම් සදහා බහුල ලෙස යොදා ගන්නා සන්නාම සෙ හදුනා ගෙන ඇත්තේ පෙප්සිකෝ, යුනිලීවර්, මොන්ඩලෙස් සහ නෙස්ලේ සමාගම්ය.

“අපි බහුජාතික සමාගම්වල යැපීම සදහා ලාභ ඉවතලන ප්ලාස්ටික් සදහා මිලක් ගෙවමින් සිටිමු.” පිලිපීනයේ ග්‍රීන්පීස් හි ප්‍රචාරක අබිගායිල් ඇගුවිලර් අදහස් දක්වයි.


මෙම ප්ලාස්ටික් අර්බුදයෙන් මිදෙන්නටනම් ලෝකයට ඇති විසදුම් අතර ප්‍රධාන වශයෙන් තුනකි.

ස්මාර්ට් පාරිභෝගිකයන්
තනි භාවිත ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීමේ අවශ්‍යතාවය හා පුහුණුව පිළිබඳව පාරිභෝගිකයා දැනුවත් කිරීම.

පහසු සහ කාර්යක්ෂම ප්‍රතිචක්‍රීකරණය
ප්‍රතිචක්‍රීකරණය පාරිභෝගිකයාට පහසු සහ ආර්ථික වශයෙන් ශක්‍ය වන තරම් කාර්යක්ෂම වන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම.

ප්ලාස්ටික් වලට සමුදීම
ප්ලාස්ටික් වලින් ඔබ්බට භාවිතා කිරීම සඳහා විකල්ප ද්‍රව්‍ය සංවර්ධනය කිරීමට සමාගම් දිරිමත් කිරීම සහ ප්ලාස්ටික් තනි භාවිත බහාලුම් මත පමණක් රඳා නොසිටීම සඳහා නිෂ්පාදන වටා ඇති පාරිභොගික මානසිකත්වය වෙනස් කිරීම.

බ්‍රේක් ෆ්‍රී ෆ්‍රොම් ප්ලාස්ටික්  සංවිධානය විසින් සිදු කරන ලද මෙම සමීක්ෂණය රටවල් 51 ක් සහ මහාද්වීප හයක් පුරා පිරිසිදු කිරීමේ වැඩසටහන් 848 කින් සමන්විත විය. සමස්තයක් වශයෙන්, ස්වේච්ඡා සේවකයන් 72,541 ක් වෙරළ, නගර වීදි, ජල මාර්ග සහ ඔවුන්ගේ අසල්වැසි ප්‍රදේශ හරහා ප්ලාස්ටික් කැබලි ලබා ගෙන මෙම වැඩසටහන් දියත් කෙරිණ.

මේ සඳහා ස්වේච්ඡා සේවකයන් ලොව පුරා ප්ලාස්ටික් අපද්‍රව්‍ය කැබලි 475,000 කට  අධික ප්‍රමණයක් රැස් කරන ලද අතර  වැඩිම ප්ලාස්ටික් ප්‍රමාණයක් මුදාහල වෙළඳ නාමය ලෙස හදුනාගෙන තිබුණේ කොකාකෝලා සමාගමයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි