×

කාශ්මීරයේ ඉදිවන ලොව උසම දුම්රිය පාලම

මේ වන විටත් දේශීය නොවන පුද්ගලයින් 185 ක් කාශ්මීරයේ ඉඩම් මිලදී ගෙන ඇති අතර සමාගම් 1,559 ක් එම කලාපයේ ආයෝජනය කර තිබේ.


කාශ්මීරයේ දකුණු ජම්මු ප්‍රදේශයේ රියාසි දිස්ත්‍රික්කයේ බක්කල් සහ කෞරි ගම්මාන අතර චේනාබ් ගඟ හරහා ලොව උසම දුම්රිය මාර්ගය ඉදිවන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

ඩොලර් මිලියන 168 ක වියදමින් ඉදිවන මෙම පාලම උදම්පූර්-ශ්‍රීනගර්-බැරමුල්ල රේල් ලින්ක් ව්‍යාපෘතියේ (USBRL) කොටසක් වන අතර අයිෆල් කැළුණට වඩා උසින් වැඩිවනු ඇති බව කයැවේ.

නිරන්තර භූ කම්පන, නාය යෑම්, කාලගුණික විපර්යාසයන්ට බහුලව ලක්වන ප්‍රදේශයක ඉදිවන මෙම පාලම වානේ ටොන් 28,000 ක්යොදා ඉදිකරමින් තිබේ. මෙය දිගින් අඩි 4,314ක් හා උස අඩි 1,177කින් සමන්විත වන අතර මෙහි වැඩ කටයුත් මෙම වසර අග හෝ ලබන වසර මුල නිමවනු ඇති බව අපේක්ෂා කෙරේ.

මෙම ව්‍යාපෘතිය නිදහසින් පසු ඉන්දියානු දුම්රිය සේවය විසින් සිදු කරන ලද වඩාත්ම භයානක හා සුවිශේෂීම ව්‍යාපෘතියක් වන බව ව්‍යාපෘතියේ කටයුතු කරන ඉංජිනේරුවන් විසින් ප්‍රකාශ කර ඇති අතර ප්‍රදේශවාසීන් පවසන්නේ, පාලම නැරඹීම සඳහා ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලින් ජනතාව මෙම ස්ථානයට පැමිණෙන බවයි.

මෙම දුම්රිය මාර්ගය නිම වීමත් සමඟ කලාපයේ වෙළඳාම ඉදිරියට යනු ඇති බවට කලාපයේ වෙළඳ සංගමයක් වන කාශ්මීර වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (KCCI) ප්‍රධානී ජාවෙඩ් අහමඩ් ටෙන්ගා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇති අතර මේ වන විටත් දේශීය නොවන පුද්ගලයින් 185 ක් කාශ්මීරයේ ඉඩම් මිලදී ගෙන ඇති අතර සමාගම් 1,559 ක් එම කලාපයේ ආයෝජනය කර තිබේ.

අගමැති නරේන්ද්‍ර මෝදිගේ හින්දු ජාතිකවාදී ආන්ඩුව විසින් 2019 දී කාශ්මීරයේ සීමිත ස්වයං පාලනය අවලංගු කර එය නවදිල්ලියේ සෘජු පාලනය යටතට ගෙන ඒමත් සමඟ දිල්ලියේ සිට කාෂ්මීරය පාලනය කිරීමටද මෙය විශාල සහයක් වනු ඇති බව අපේක්ෂා කෙරේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි