×

ලොව විශාලතම සොහොන් බිමෙන් ඇසෙන නොමළ මිනිසුන්ගේ දුක් ගැනවිල්ල

වාඩි උස් සළාම් හෙවත් සාමයේ නිම්නය , ලොව පුරා ෂියා මුස්ලිම් වරුන් ගේ සිහින නවාතැන්පළයි


සොහාන් බිම් .. මය ගිය පසු අපගේ නවාතැන් වුවත් ජීවත් වන්නන්ට සොහොන් බිම් යනු බෙහෝ විට වේදනාවක්.. බිය ගෙන දෙන්නකි..

ලෝකයේ විශාලතම සොහොන් බිම ඉරාකයේ වාඩි උස් සලාම් භූමියයි. සාමයේ නිම්නය ලෙස මෙය හැදින්වුවද එහි සේවය කරන්නන් පවසන්නේ එය අද කිසිසේත්ම සාමයට ඉඩක් නැති බිමක් වී ඇති බවයි.

ෂියා මුස්ලිම් වරුන් වැඩිම පිරිසක් නිදන වාඩි උස් සලාම් පිහිටා ඇත්තේ ඉරාකයේ අග නුවර වන බැග්ඩෑඩ් හී කිලෝ මීටර් 150 ක් පමණ වන භූමියකය. මෙහි සිය සිරුර තැන්පත් වන්නේනම් ෂියා මුස්ලිම්වරුන්ට එය භාග්‍ය්‍යකි. ෂියා මුස්ලිම් වරුන්ට අනුව වාඩි උස් සලාම් යනු දිව්‍යලෝකයේම එක් කොටසකි.

ඉරක යුද්ධ වලදී මිය ගිය වීරයන් සේම යුද්ධයට ගොදුරු වූ අහිංසකයන්ද ඇතුළුව මුස්ලිම් ආගමිකයන් පමණක් මිලියන 50ක් පමණ වාඩි උස් සළාම් හී සාමයෙන් සැතපෙති. යුද්ධය හේතුවෙන් සෙබළුන් 200ත් 250ත් අතර ප්‍රමාණයක් මෙහි දෛනිකව මිහිදන් කර ඇත. ලෝකයේ දස දෙසින් මිය ගිය පසු මෙහි මිහිදන් වෙන්නට බලා සිටින පිරිස අතරින් වාර්ෂිකව මළ සිරුරු 500 000 ක් පමණ මෙම සාමයේ නිම්නයේ මිහිදන් කෙරෙයි.

එසේ වුවත් මෙහි සේවය කරන්නන් .. මිළ සිරුරු මිහිදන් කිරීම සදහා වළවල් කණිනන් පවසන්නේ මේ වන විට මේ සාමයේ නිම්නය බිය ගෙන දෙන අන්ධකාර අපායක් වී ඇති බවයි.
ඔවුන් සියල්ලොම එක හඩින් තමන්ට රැකියාව කළ නොහැකි බව පවසයි.

”එක් දවසක් මගේ පිටුපස සෙවනැල්ලක් පෙනී සිටියා.. ඔහු මගේ හිසට ඉතා වේගයෙන් පහර දුන්නා .. මම ආයෙනම් ඒ දෙසට ගියේ නැහැ.. මට තවමත් දැනෙන්නේ අවතාරයක් මගේ සිරුර ඇතුලේ ඉන්නවා කියා.. 26 හැවිරිදි හයිදර් අල් හටෙමි අල් ජසීරා සාකච්ඡාවක් අතර තුර පවසන ලදී.

ඉරාකයේ නජාප් උප නගරයෙන් සියයට 13ක් අයත් වන්නේ මේ සාමයේ නිම්නයටයි. රග්බි ක්‍රීඩා භූමි 900ක් තරම් භූමියක් පුරා පැතිරුණ මෙම සොහොන් භූමිය UNESCO සංවිධානය මගින් ලෝක උරුමයක් ලෙස ලැයිස්තු ගත කරන ලද්දකි. වසර 1400කටත් වැඩි කාලයක් තිස්සේ සොහොන් බිමක් වශයෙන් පවතින වාඩි උස් සලාම් ලෝකයේ එතරම් කාලයක් තිස්සේ පැවත එන තවමත් සක්‍රීයව පවතින එකම සොහොන් බිම වෙයි.

ලෝකයේ සිය ගණනක් උමංගත සොහොන් ඇති භූමිය ලෙසද වාඩි උස් සළාම් සළකයි. ඇතැම් විට මේ එක් උමගක් තුළ මළසිරුරු 50ත් 100ත් අතර ප්‍රමාණයන්ගෙන් මිහිදන් කර ඇත.

මෙහි සේවයට පැමිණෙන්නන්ගේ සේවා කාලයන් ඉතා කෙටිය .. සේවය හැරයෑම් දිනපතා සිදුවන බැවින් සේවය කරන්නන් සොයා ගැනීමද ඉතා අපහසු කාර්යයක් වී ඇත. 2013 වසරේදී මුර්ටාස් අබු සෙබී නැමැති සේවකයෙකු විසින් මුහුණ දුන් දරුණු ප්‍රහාරයක් සමග ඇති වූ තත්ත්වයන් ගෙන් පසුව මෙහි සේවය කරනන්නට කිසිවෙකුත් අකමැති වීම වැඩි වශයෙන් දැක ගත හැකි වී තිබේ.

සේවකයන්ගේ විශ්වාසය වන්නේ තමන්ට මෙසෙ පහර දෙනු ලබන්නේ මායාකාරී බලවේග වලින් යුත් අවතාර බවයි. ඔවුන් පවසන පරිදි ඔවුන්ගේ නිවෙස් වලටද ඔවුන් සමග මෙම අවතාර පැමිණෙයි.. ඔවුන්ගේ කටයුතු වලට බාධා කරයි.
එසේ අවතාර වලින් කරදර පැමිණි පසු සිය දිවි තොර කර ගන්නට තැත් කරන සේවකයන් පිළිබදවද අසන්නට ලැබේ. එසේ නැතිනම් ඔවුන් මානසික රෝගීන් බවට පත් ව ඇත.

සොහොන් පල්ලෙකු හට මාසිකව ඩොලර් 300ක වේතනයක් ගෙවනු ලබයි. විරැකියා ප්‍රතිශතය ඉතා ඉහළ මට්ටමක පවතින තරුණයන් කිසිදු පිළියමක් නොමැතිව මෙම රැකියාව තෝරා ගත්තද ඔවුන් වැඩි කල් නොගොස් සේවය හැර යයි.

මේ වන විටත් මෙසේ අවතාරයන්ගෙන් පහර කා සේවය අත් හැර ගිය බෙහෝ පිරිසක් ජීවත් වන්නේ රෝගීන් ලෙසයි. රෝගී වූ සිය පවුගේ සාමාජිකයන් හට ප්‍රතිකාර කිරීම සදහා පවුලේ උදවිය සිය ගේ දොර ඉඩ කඩම් පවා විකුණා දැමූ අවස්ථාවන් ඕනෑ තරම් වාර්ථා වේ.

ඇතැමුන් පාරම්පරික සොහාන් පල්ලන් වන නමුත් තව දුරටත් සිය පාරම්පරික රැකියාව කරගෙන යා නොහැකි බවට ඔවුන් මැසි විලි නගයි. ඒ වාඩි අස් සළාම් හී මිහිදන් කෙරුණ මළ සිරුරු විසින් තමන්ට පීඩා කරන බවට නැගෙන වේදනාත්මක අවනඩුද සමගිනි.‍

මුස්ලිම් ආගමිකයන් අතර දෙවියන් මෙන්ම යක්ෂයන් සම්බන්ධවද විවිධ විශ්වාසයන් පවතී. එකී විශ්වාසයන් විසින් මෙම සේවකයන් දරුණූ ලෙස පීඩනයට පත්ව ඇති බව ටෙක්සාස් හී ට්‍රිනිටි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සජීඩ් ජලල්සායි පවසයි.

සේවකයන්ගේ දුක් ගැනවිලි එසේ වුවත් ඔවුන් වාඩි උස් සළාම් හැර ගියත් ජීවිතයේ සිය අවසාන ගමන වාඩි උස් සළාම් වෙත යන්නට සිහින දකිමින් ජීවත් වන ලෝකය පුරා ෂියා මුස්ලිම් වරුන් එහි පැමිණෙන තුරු මේ භූමිය හෙටත් මග බලා සිටිනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි