×

මිනිසාගේ හොඳම මිතුරන් – හරි ගණන් උදවිය!

මිනිසාගේ හොඳම මිතුරා සුනඛයා බවට සැක නැත. නමුත් ඇතැම්විට සුනඛයෙකු නිසියාකාරයෙන් ඇතිදැඩි කිරීම අධිවියදම් කටයුත්තකි. ලෝකයේ මිලෙන් අධිකම සුනඛයන් පිළිබඳ සටහනකි, මේ.


1. Kerry Blue Terrier – කෙරී බ්ලූ ටෙරියර්

pinterest.com

මෙම සුනඛයෙකුගේ වෙළඳපොළ වටිනාකම $600 ක් පමණ වේ. එය එපමණ මිලක් නොවේ යැයි ඔබට සිතෙන්නට පුළුවන. එය සැබෑවකි. නමුත් මේ බ්ලූ ටෙරියර් වර්ගයේ සුනඛයන් රැකබලාගැනීම සහ ලෙඩ රෝගවලින් ආරක්ෂා කර ගැනීම සඳහා විශාල වියදමක් දරන්නට සිදු වේ. එය දළ වශයෙන්  $7,000 පමණ විය හැකිය. හොඳින් රැකබලා ගතහොත් වසර 15 ක් පමණ ජීවත් වෙයි.

2. Great Dane – ග්‍රේට් ඩේන්

musingsofabiologistanddoglover.com

ග්‍රේට් ඩේන් වර්ගයේ මේ සුනඛයා සාපේක්ෂව විශාලව වැඩෙයි. $800 ක් පමණ වේ. හදා වඩා ගැනීම එතරම් අසීරු නැතත්, ලෙඩදුක්වලට නිතර ගොදුරු වන ස්වභාවයක් තිබේ. විශේෂයෙන්ම  cardiomyopathy වැනි හදවත් රෝගවලට මේ සුනඛයන් ලක්වීමේ අවදානම අධික ය. ආයු කාලය වසර 7-10 පමණ වේ.

3. Bernese Mountain Dog – බර්නීස් කඳුකර සුනඛයෝ

wccberners.com

ඉතා සුන්දර පෙනුමැති, රාත්තල් 120 ක් පමණ සද්දන්ත ලෙස වැඩෙන මේ සුරතලා ඩොලර් 800 කට පමණ මිලදී ගත හැක. නිතර නිතර සන්ධි ආශ්‍රිත ආබාධවලට ලක්වීමේ අවදානමක් ඇත. සාමාන්‍යයෙන් ලෙඩදුක් සඳහා වියහියදම් ලෙස $6,500 ක් පමණ වැය වන බව වාර්තා වේ.

4. German Shepherd – ජර්මන් ෂෙෆර්ඩ්

ලංකාවේ ද ජනප්‍රිය සුනඛ විශේෂයක් වන මොවුන් බුද්ධි මට්ටම අතින් ඉහළ ය. අතීතයේ මේ සතුන් භාවිතා වී ඇත්තේ බැටළු රංචු බලාගැනීම සඳහා එඬේරුන් ලෙස ය. වසර 13 ක් පමණ ජීවත් වේ. සෞඛ්‍ය වියදම් $20,500 දක්වා ඉහළ යා හැක.

5. Chow Chow – චොව් චොව්

kennelhjelme.dk

චොව් චොව් වර්ගයේ සුනඛයන්ට තරබාරු සිරුරු සහ ඝනකම් ලෝම කබා තිබේ. ඒ නිසා උන්ට යම්තාක් දුරකට සිංහ පෙනුමක් ලැබී ඇත. ඩොලර් 900 කට පමණ මිලදී ගත හැකි මේ වර්ගයේ සතෙකුට ජීවිත කාලය තුළ ඩොලර් 11000කට වඩා සෞඛ්‍ය වියදම් ලෙස ැදරීමට සිදුවනවා ඇත.

6. Golden Retriever – ගෝල්ඩන් රිට්‍රීවර්

thesprucepets.com

‘පවුලේ සුනඛයා‘ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ගෝල්ඩන් රිට්‍රීවර් වර්ගයේ සුනඛයන් ඩොලර් 1000 ක් පමණ මිල වේ. මිනිසුන්ට ඉතාම හිතවත් බවක් පෙන්වන මේ සතුන් සඳහා ද ඩොලර් 20000 කට ආසන්න මිලක් වෛද්‍ය ගාස්තු වශයෙන් දැරීමට සිදුවීම සාමාන්‍ය දෙයකි.

7. Lakeland Terrier – ලේක්ලන්ඩ් ටෙරියර්

twitter.com

ලේක්ලන්ඩ් ටෙරියර් වර්ගයේ සුනඛයන් ඉතා දැකුම්කළු නමුත් උන් ඇතිදැඩි කිරීම පහසු නැත. උන් අනෙක් සතුන්ට වඩා  සාපේක්ෂව මිලෙන් ද අධික ය. එනම් ඩොලර් 1100 ක් පමණ වේ. තවද මේ සතුන්ට සතිපතා වෛද්‍ය සැලකිල්ල ලබාදිය යුතු ය.

8. Samoyed – සැමොයිඩ්

pinterest.com

සැමොයිඩ් වර්ගයේ සුනඛයන් ලෝකයේ දුර්ලභ සුනඛ විශේෂයකි.උන්ගේ ආරම්භක මිල ඩොලර් 1200 ක් පමණ වේ. සුදු පාට ලෝම කබා නිසා සුවිශේෂී පෙනුමක් ලැබෙන අතර ආයු අපේක්ෂාව වසර 12-14 ත් අතර වේ. ප්‍රතිශක්තිකරණ පද්ධතියේ රෝගාබාධවලට නිතර ලක්වීමේ අවදානම ඇති හෙයින් ඩොලර් 5000 ක් පමණ උන්ගේ ජීවිත කාලය තුළ වෛද්‍ය ප්‍රතිකාර සඳහා වැය කරන්නට සිදුවීම සාමාන්‍ය දෙයකි.

9. Rottweiler – රොට්වෙයිලර්

orthoservices.com

රොට්වෙයිලර් වර්ගයේ සුනඛයන් ද ලංකාවේ ජනප්‍රිය ය. උන්ගේ දරුණු බව සහ ගොදුරු පසුපස හඹා යාමේ ස්වභාවය අධික ය. ආයු අපේකෂාව වසර 8-10 අතර වේ. ඩොලර් 8000 ක් පමණ අතිරේක වශයෙන් සෞඛ්‍යය සඳහා වැය කිරීමට සිදු වේ.

10. Alaskan Malamute – ඇලස්කානු මැලමූට්

pedigreeonline.com

වෘක සාමාජිකයෙකු සිහිගන්වන ඇලස්කානු මැලමුට් සුනඛයා උත්තර ධ්‍රැවයේදී ඩොලර් 1200 කට පමණ මිලදී ගත හැක. දියවැඩියාව වැළඳීමේ අවදානමෙන් අධික සත්ව වර්ගයකි. සාමාන්‍යයෙන් ඩොලර් 7700 ක් පමණ වෛද්‍ය ප්‍රතිකාර සඳහා මේ වර්ගයේ සතෙකු වෙනුවෙන් වැය කිරීමට සිදු වේ.

ලෝකයේ මිල අධික තවත් සුනඛ වර්ග සමගින් නැවත මුණ ගැසෙමු.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි