ලොව වයස්ගතම පුද්ගලයා වයස අවුරුදු 116දි මියයයි
මීළඟට ලොව වයස්ගතම පුද්ගලයා වශයෙන් හඳුනාගෙන ඇත්තේ බ්‍රසීලයේ කන්‍යා සොයුරියක් වන 116 හැවිරිදි ඉනා කැනබරෝ ලූකස්ය.
සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ගිනස් ලෝක වාර්තාවට අනුව ලොව වයස්ගතම පුද්ගලයා ලෙස වාර්තා පොතට එක් වූ ජපන් ජාතික ටොමිකෝ ඉටූකා වයස අවුරුදු 116 දී මියගොස් ඇතිබව වාර්තා වේ.
ඇය මධ්‍යම ජපානයේ Hyogo ප්‍රාන්තයේ Ashiya හි රැකවරණ නිවාසයක දී මෙලෙස මියගො ස් ඇත.
1908 මැයි 23වන දා ඔසාකා හි උපත ලද ටොමිකෝ ඉටූකා ද්විතීයික පාසලේ දක්ෂ වොලිබෝල් ක්‍රීඩිකාවක් විය. ඇය 20 දී විවාහ වූ අතර ඇය දියණියන් දෙදෙනෙකු සහ පුතුන් දෙදෙනෙකු ගේ මවක් විය.
රෙදිපිළි කම්හලක සේවය කළ සිය සැමියා 1979දී මිය යාමෙන් පසු ඉටුකා නාරාහි තනිවම වාසය කරනු ලැබිය.
ඉටුකාගේ මියයාමෙන් අනතුරුව මීළඟට ලොව වයස්ගතම පුද්ගලයා වශයෙන් හඳුනාගෙන ඇත්තේ බ්‍රසීලයේ කන්‍යා සොයුරියක් වන 116 හැවිරිදි ඉනා කැනබරෝ ලූකස්ය.