×

සුන් බුන් වලින් නැවත නිමැවුණ පුදුම 7

ලෝකයේ පරිසර දූෂණය අධිකතම නගර වලින් එකක් වන නව දිල්ලියේ පවතින ඉවත දැමූ සුන් බුන් බොහෝමයක් යොදා ගනිමින් මෙසේ ලෝක පුදුම 7 ප්‍රතිනිර්මාණය නව දිල්ලියේ සංචාරක ආකර්ෂණය දිනා ගෙන ඇත.


ඉන්දියානු කලාකරුවන් සත් දෙනෙක් විසින් ලෝක පුදුම 7 ඉවත දමන අපද්‍රව්‍ය හෝ සුන්බුන්වලින් ඉන්දියාව තුළම ප්‍රතිනිර්මාණය කර තිබේ.

පසුගිය මාස 6 ක කාලයක් මේ සඳහා ඔවුන් විසින් වැයකර ඇත.

ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් පසුගිය අගෝස්තුවේ සිට මෙම නිර්මාණයන් ආරම්භ කරන ලදී. මෙම ප්‍රතිනිර්මාණ සදහා යොදාගෙන තිබෙන්නේ යතුරු ලියන, යතුරු පැදි කොටස් , බයිසිකල් රෝද, ජන නළ, යකඩ කැබලි වැනි දෑ ය. ඒවායින් ටජ් මහල, අයිෆල් කුළුන, බ්‍රසීලයේ ක්‍රිස්තුස්වහන්සේගේ පිළිරුව, ගීසා හී පිරමීඩය, රෝමයේ කොලෝසියම නැවත බිහි වී තිබේ.

ලෝකයේ පරිසර දූෂණය අධිකතම නගර වලින් එකක් වන නවදිල්ලියේ පවතින ඉවත දැමූ සුන් බුන් බොහෝමයක් යොදා ගනිමින් මෙසේ ලෝක පුදුම 7 ප්‍රතිනිර්මාණය නව දිල්ලියේ සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට සමත් විය.

මෙම පුදුම 7 නිර්මාණය කිරීම සදහා සුවිශේෂී උද්‍යානයක් ඒ සදහාම වෙන් කර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි