×

ලොව උපත් බර අඩුම පිරිමි දරුවා, ”රිසුකේ සෙකීනෝ” රෝහලෙන් නිවස බලා යයි.

ඉපදෙන විට ඔහුගේ උස සේන්ටිමීටර් 22ක් විය.


රිසුකේ සෙකීනෝ උපත ලැබුවේ පසුගිය ඔක්තොම්බරයේ ජපානයේ අසුමිනෝ රෝහලේදීය. ඔහුගේ මව ඔහුව ඇල්ලුවේ ඉතා සීරුවෙනි . ඔහු ඒ තරමටම කුඩා පොඩිත්තෙක් විය. ජීවත් වීමට වරම් ලද අඩුම බර සහිතව උපන් පිරිමි දරුවා ලෙස ඔහු මේ වන විට ලෝක ප්‍රකට වී ඇත.

ඉපදෙන විට හරියටම ඔහුගේ බර ග්‍රෑම් 268කි. එය සාමාන්‍යයෙන් කුඩා බටර් පෙට්ටියක බරය. උපතින් පසු ඔහුටක් ඔහුගේ මවටත් රෝහලේ නැවතී ප්‍රතිකාර කරන්නට සිදු වන්නේ ඔහු ඉතා කුඩා ප්‍රමාණයේ අඩු බර සහිතව උපන් පොඩිත්තෙක් වූ බැවිනි. පසු ගිය ඔකුතොබරයේ සිට රෝහලේ නැවතී සිටි ඔහු ඊයේ රෝහලෙන් පිටව ගියේය. රෝහලෙන් පිටව යන විට ඔහුලේ බර කිලෝ ග්‍රෑම් 3කි. දැන් ඔහු අඩු බර සහිත දරුවෙක් නොවන්නේය.

හරියටම ලෝක ළමා දිනයදා එනම් ඔක්තොම්බර් පළමු දා ඔහු ඉපැදෙන්නේ මාස 6ක් පමණක් මවු කුස තුළ සිටීමෙන් අනතුරුවයි. ඊට හේතුව වන්නේ ඔහුගේ මව hypertension එනම් අධ්‍යාතතිය රොගයෙන් පෙළිම හේතුවෙනි.

ඉපදෙන විට ඔහුගේ උස සේන්ටිමීටර් 22ක් විය. ඉද හිට මවගේ කිරි කුඩා නලයකින් හෝ පුළුන් කැබැල්ලකින් ඔහු වෙත ලබා දී ඇත.
ටකෙහිකේ හිරෝමා රිසුකේ ගේ වෛද්‍යවරයාය. තමන් ඇතුළු වෛද්‍යවරුන්ට ඔහුව බේරා ගැනීමට හැකි වීමත් ඔහු ඉතා නිරෝගීමත්ව සිටීමත් පිළිබද ඔහු සිය සතුට ප්‍රකාශ කරන්නේය . ඔහු ඉතා කුඩා වීම හේතුවෙන් ඔහුගේ රුධිරනාලිකා ඉතාමත් කුඩාවීම ඔහුට ප්‍රතිකාර කිරීමේදී පැවති විශාලතම අපහසුතාව ලෙස වෛද්‍යවරයා පවසයි.

මින් පෙර 2015 වසරේ ග්‍රෑම් 252 ක බරක් සහිතව ජර්මනියේ උපත ලද ගැහැණු දරුවා ලෝකයේ බර අඩුම දරුවා මෙන්ම ගැහැණු දරුවාද වෙන බව ලෝකයේ ජීවත් වීමට වරම් ලද ඉතා අඩු බරක් සහිතව උපන් දරුවන්ගේ වාර්ථාව විසින් පෙන්වා දෙයි.

ඉතාමත් අඩු බරක් සහිතව ඉපදී ජීවත්වීමට වරම් ලැබෙන දරුවන්ගේ ප්‍රතිශතය ඉතා අවම වෙයි. වාර්ථාවන් පෙන්වා දෙන පරිදි ලෝකයේ ග්‍රෑම් 300ට වඩා අඩු බරක් සහිතව ඉපදී ජීවත් වීමට වරම් ලබා ඇත්තේ දරුවන් 25 දෙනෙකු පමණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි