×

අසාද්ගේ පාලනය බිඳ වැටීමෙන් පසු සිරියාවේ දරුණු සටන් ඇවිලේ

කැරලිකරුවන් පසුගිය දෙසැම්බර් මාසයේදී අසාද් බලයෙන් පහ කර ඉස්ලාමීය සංක්‍රාන්ති රජයක් ස්ථාපිත කිරීමෙන් පසු සිරියාවේ සිදු වූ දරුණුතම ප්‍රචණ්ඩත්වය මෙයයි.


සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බලයෙන් පහ කරන ලද ජනාධිපති බෂාර් අල්-අසාද්ට පක්ෂපාතී සටන්කරුවන් හා සිරියාවේ අන්තර්කාලීන ජනාධිපති අහමඩ් අල්-ෂාරා ට සම්බන්ධ හමුදා අතර රටේ වෙරළබඩ ප්‍රදේශයක දරුණු සටන් ඇවිලෙමින් පවතින බව වාර්තා වේ.

සටන් ආරම්භ වී ඇති ලටාකියා සහ ටාටවුස් වරාය නගරවල ඇඳිරි නීතිය පනවා ඇති අතර ප්‍රචණ්ඩත්වයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව පිළිබඳ සිරියානු මානව හිමිකම් නිරීක්ෂණාගාරය සඳහන් කර තිබුණේ, රජයේ හමුදා සාමාජිකයින් 35 දෙනෙකු, හිටපු රෙජීමයේ හමුදාවට අනුබද්ධ තුවක්කුකරුවන් 32 දෙනෙකු සහ සිවිල් වැසියන් හතර දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 71 දෙනෙකු මිය ගොස් ඇති බවයි.

කැරලිකරුවන් පසුගිය දෙසැම්බර් මාසයේදී අසාද් බලයෙන් පහ කර ඉස්ලාමීය සංක්‍රාන්ති රජයක් ස්ථාපිත කිරීමෙන් පසු සිරියාවේ සිදු වූ දරුණුතම ප්‍රචණ්ඩත්වය මෙය වන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ,



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි