×

කෝවිඩ් අවදානමක් නිසා චීනයේ වුහාන් මැරතන් තරගය කල් දැමේ

අද දිනයේ පැවැත්වීමට නියමිත ව තිබූ චීනයේ වුහාන් මැරතන් තරගය කල් දමන ලදී.


ඉතා කෙටි දැනුම්දීමකින් මෙම තීරණය ගනු ලැබුවේ කොරෝනා වෛරස් වසංගතය නැවත හිස එසවීමේ අවදානම හේතුවෙනි.

චීනයෙන් නව කෝවිඩ් ආසාදන 26 ක් වාර්තා වීම මෙයට හේතුවයි.

චීන බලධාරීහු මහා පරිමාණ වෛරස් පරීක්ෂාවන් සහ ඉලක්කළ ප්‍රදේශ ලොක්ඩවුන් කිරීමට මේ වන විට යුහුසුළු ව සිටිති.

පවතින තත්වය තුළ වුහාන් නගරය තුළ වසංගතය පැතිර යාමේ අවදානම වළක්වාලීම සඳහා මැරතන් තරගය කල් දමන බව වුහාන් මැරතන් බලධාරීන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබේ.

පූර්ණ සහ අර්ධ මැරතන් තරග දෙකකින් සමන්විත වන වුහාන් මැරතන් නැරඹීම සඳහා 26,000 ක පමණ ප්‍රේක්ෂකයන් පිරිසක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කර තිබිණි.

2019 අගභාගයේ ලොව පුරා කෝවිඩ් වසංගතය පැතිර යාම ආරම්භ වුණේ, එනම් වසංගතයේ අපිකේන්ද්‍රය ලෙස ක්‍රියා කළේ වුහාන් නගරයයි. එම වසංගතය හටගත් ආකාරය ගැන අදට ද පැහැදිලි සිද්ධාන්තයක් ඉදිරිපත් වී නැ.ත.

2022 පෙබරවාරි 4 වැනිදා සිට 20 දක්වා පැවැත්වීමට නියමිත 2022 ශීත ඔලිම්පික් උළෙල සම්බන්ධයෙන් ද මේ වන විට සැක සංකා මතු ව තිබේ. එය ආරම්භ වනු ඇත්තේ ලබන බදාදා සිට දින 100 කිනි. මේ අනුව වුහාන් මැරතන් තරගය කල් දැමීම, ශීත ඔලිම්පික් උළෙල සම්බන්ධයෙන් ඇසිඩ් පරීක්ෂාවක් බවට පත් වනු ඇත.

මේ සමග දැක්වෙන්නේ 2018 වසරේදී වුහාන් මැරතන් තරගයේ තරගකරුවන් යැංසි ගඟේ පාලම මතින් දිව යන අවස්ථාවේදී ඡායාරූපයකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි