×

ජර්මනිය පළමු ලෝක යුද්ධයට යොදාගත් සබ්මැරීනයක් ප්‍රංශ වෙරළින් මතුවේ.

එවැනි සබ්මැරීන රැසක් ප්‍රංශ මුහුදු පතුලේ සැගව ඇත


පළමුවන ලෝක යුද්ධයේදී භාවිත කළ ජර්මනියට අයත් සබ්මැරීනයක් ප්‍රංශ වෙරළෙන් මතුවී ඇති බව වාර්තා වේ.

US 61දරන මෙම සබ්මැරීනයේ පළමු ලෝක යුද්ධයේදී යොදා ගත් අතර එහි නටබුන් ප්‍රංශයේ විසන්ට් ප්‍රදේශයේ වෙරළෙහි දී මෙසේ දැක ගත හැකි වේ. එය මෙම වෙරළෙහි නතර වී ඇත්තේ 1917 වසරේදීය.

මේ වන විට මෙම සබ්මැරීනය සංචාරක ආකර්ෂණය දිනා ගත්තක් වී ඇති අතර එය සබ්මැරීණය ටික කාලයකට පමණක් මෙසේ දැක ගත හැකිවනු ඇති බව පැවසේ. එවැනි සබ්මැරීන රැසක් ප්‍රංශ මුහුදු පතුලේ සැගව ඇත.

සුළග සහ උදම්රළ වල බලපෑම එයට හේතුවයි. මීට පෙරද සෑම වසර දෙකකට තුනකට වරක් මෙම සබ්මැරීනය මෙසේ දැක ගත හැකි වී අතර දින කිහිපයකින් පසු එය නැවත නොපෙනී යයි.
U-boats හෙවත් දිය යටින් යන මැහැදු යානා නමින් ජර්මනිය විසින් හැදින් වූ මෙම සබ්මැරීන නැවු ඇතුළු මුහුදු යානා මුහුද තුළ කිදා බැස්වීම සදහා යොදා ගෙන ඇත.

මෙම UC-61 සබ්මැරීනය අඩුම තරමේ නැවු 11වත් ගිල්වා ඇති බව ඉතිහාසඥයින් පවසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි