×

අලුත්ම malware එක XHelper!

මේ දින වල අන්තර්ජාලය පුරා පැතිර යන අලුත්ම malware එක ගැන කතාවක් තමයි මේ. ඔබත් මේ දේවල් පිළිබඳව අවධානයෙන් ඉන්න කෙනෙක් නම් මේ වෙනකොටත් දන්නවා ඇති මේ මොකක් ගැනද කියන්න යන්නේ කියලා. කොහොම වෙතත්, මේ විස්තර කියන්න යන්නේ xhelper නම් malware එක ගැනයි!


මේ දින වල අන්තර්ජාලය පුරා පැතිර යන අලුත්ම malware එක ගැන කතාවක් තමයි මේ. ඔබත් මේ දේවල් පිළිබඳව අවධානයෙන් ඉන්න කෙනෙක් නම් මේ වෙනකොටත් දන්නවා ඇති මේ මොකක් ගැනද කියන්න යන්නේ කියලා. කොහොම වෙතත්, මේ විස්තර කියන්න යන්නේ xhelper නම් malware එක ගැනයි!

මෙම malware එක ඉලක්ක කර ඇත්තේ android උපාංග. මෙහි භයානක කම කොතෙක්ද කිව්වොත් මෙයට හැකියාව තියෙනවා එක වරක් device එකක install වූ පසු ඒ අදාල device එක factory reset කරත් ඒ device එකේම රැදිසිටින්න.

මේ malware එක අපේ devices වලට ඇතුලු වන්නේ අපි දැනුවත්ව නම් නෙමේ. මෙය අන්තර්ජාලයේ ඇති ඕනෙම app එකක් සමග සම්බන්ධ කොට තිබිය හැකිය. ඒ කියන්නේ අපි play store හැර වෙනත් 3rd party website එකකින් වගේ app download කරනවා නම් ඒ හරහා මේ xhelper නම් malware එකට ගොදුරු වීමේ හැකියාවක් තිබේ. ඉතින් මෙහිදී සිදු වන්නේ download කරන app එක install කරද්දී මේ xhelper කියන malware එකත් නොදැනුවත්වම device එකට install වීමයි.

මේ xhelper ට කිසිම UI එකක් වත් icon එකක්වත් නොමැත ! මුලින්ම මෙය Application list හී සොයාගැනීමට අවකාශයක් නොලැබෙනු ඇත. පළමුව වෙන්නේ xhelper malware එක අපේ device එකේ foreground service එකක් විදිහට register වීම. එසේ සිදු කරගන්නේ memory low වූ විට services, tasks clear කළද එය ඉවත් නොවී තියෙන්න.මොන හේතුවක් උඩ හරි මේ service එක නතර වුව හොත් නැවතත් ආරම්භ කර ගැනීමේ හැකියාවත් මේ malware එක සතු වේ. මේක නිසා මෙය ඉවත් කරන්නත් හරිම අමාරුයි බවයි මේ විෂයේ ප්‍රවීණයෝ පවසන්නේ. එමෙන්ම මෙය අපේ system app එකක් විදිහටත් install වීම සිදු වේ. එසේ වීමෙන් අනතුරුව device එක factory reset කරත් මේ xhelper ට පුලුවන්කම තියෙනවා කිසි ප්‍රශ්නයක් නැතුව නැවත ආරම්භ වන්න. ඒ වගේම තමා මෙයට පුලුවන්කම තියෙනවා වෙන වෙන අවශ්‍ය කරන components අනුදැනුමකින් තොරවම download කරගන්න.

මේකෙන් malware එකට එහෙමත් නැත්තං එකේ නිර්මාණකරුවන්ට අවශ්‍ය පරිදි අපගේ device එකට ads එවීමේ හැකියාව තිබේ. එමෙන්ම වෙනත් වෙනත් apps වගේ දේවලුත් ඔයාගේ අනුදැනුමකින් තොරව install කරන්න පුලුවන්.

මේ සියල්ල සිදු වෙන්නේ settings වල developer option හී ඇති install from unknown services option එක හරහයි. කෙනෙක්ට හිතෙන්න පුලුවන් ඒක off කරා නම් මේක විසදන්න පුලුවන්නෙ කියලා. නමුත් මේ malware එකනිපදවා ඇත්තේ ඒ option එක off කරත් නැවතත් on වන ලෙස. සරලවම කියනවා නම්ඕනෑම device එකට ඕනෑම දෙයක් install කරන්න, ඕනම setting එකක් වෙනස් කරන්න පුලුවන් තරන් මේ malware එක බලවත්.

ඉතින් මේකෙන් වැළකිසිටීමට නම් නොදන්නා web sites, services වලින් apps සහ අනෙකුත් දේවල් download කිරීමෙන් වැලකීම වැදගත්. ඒ වගේම play store වගේ පිළිගත් සේවාවන් හරහා පමණක් apps download කරන එකත් වඩා සුදුසුයි. තවත් වැදගත් දෙයක් නම්, device එකේ software updates මග අරින්නේ නැතුව device එක up-to date තබාගැනීම.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි