×

මිහිමත වැඩිම වරක් ගූගල් කර නරඹා ඇති සෝප් ඔපෙරාව. ”යැංසි පැලස්”

චීනයේ ගූගල් තහනම්ය. නමුත් වැඩිම වරක් ගූගල් කළ ටෙලිනාට්‍ය අයිති රට වන්නේ චීනයයි.


යැංසි පැලස් Yanxi Palace ටෙලි කථාව 2018 වසරේ වැඩිම වරක් ගූගල් කර නරඹා ඇති ටෙලිනාට්‍යයයි. ගූගල් චීනය තුළ දැඩි තහනමකට ලක්වී තිබුණද චීනයේ නිෂ්පාදනය කළ නාට්‍යයක් වැඩිම වාර ගණනක් නරඹා තිබීම පුදුමයට ලක්විය යුතු කරුණකි. ගූගල් සෙවුම් යන්ත්‍ර විශ්ලේෂණයන්ට අනුව මෙම නාට්‍ය  සඳහා වැඩි කැමැත්තක් දක්වා ඇත්තේ ආසියානු රටවල් වන සිගප්පූරුව, මැලේෂියාව, බෲනෙයි, හෝංකොං, මෙන්ම චීනයයි. චීනය තුළ එය සුප්‍රස්ද්ධ රූපවාහිනී නාට්‍ය බවට පත්ව ඇත‍

වැඩිම වාර ගණනක් නරඹා ඇති සංගීත සහ ටෙලි නිර්මාණ

යැංසි පැලස් රූපවාහිනී නාට්‍ය චීන රාජවංශික කාන්තාවක් වටා ගෙතී ඇත. ආදරය, ද්වේශය, කුතුහලය, පළිගැනීම දරුවන් මරා දැමීම මේ ආදී සියල්ලක්ම එක්කර ගොතා ඇති යැංසි පැලස් කොටස් 70කින් යුක්තය. වර්ෂ 1700 චීන රජපරපුර ක්වාන්ලෝන්ග් හී රජුගේ උප භාර්යාවන් අතර රාජ්‍යත්වයේ උරුමය සඳහා ගෙන ගිය අරගලය මෙම කථාවට පාදක වී ඇත.

iQiyi, China’s Netflix යන අන්තර්ජාල නාලිකා තුළ වාර බිලියන 15කට අධික සංඛ්‍යාවක් මෙම නාට්‍ය විකාශය කර ඇතැයි ගූගල් ආයතනය පවසයි. එමෙන්ම එය අන්තර් ජාලය ඔස්සේ වැඩිම වාර ගණනක් චීන ජාතිකයන් විසින් නරඹා ඇති නාට්‍යයද වන්නේය.

ඉතා අවංක සහ අහිංසක පවුල් පසුබිමකින් පැවත එන බුද්ධිමත් උප භාර්යාවක දහසක් බාධාවන් මැද ආදරය සහ රාජ්‍යයේ ගෞරවය දිනා ගැනීමට සමත් වේ. එය බටහිර නවකථාවක් වන සින්ඩරැල්ලා කථාවට සමානව මිනිස් සිත් දිනාගෙන ඇත්තේ ඒ හේතුවෙනි.

තවත් අතකට කාන්තා අයිතීන් සම්බන්ධව ලෝකය කථා කිරීමේ ප්‍රවණතාව වැඩි වත්ම කාන්තාවක වටා බැදුන මෙම කථාව සුප්‍රසිද්ධියට පත්වීමට එය හේතුවන්නට ඇති බව තවත් මතයකි. කාන්තා අයිතීන් සම්බන්ධව වත්මන් සෝප් ඔපෙරාව වැඩි කාර්ය භාරයක් ඉටුකරමින් සිටියදී යැංසි පැලස්ටද ඊට දායක වීමට හැකියාව ලැබී ඇත.
නාට්‍යයේ ප්‍රධානතම චරිතය වන ”වෙයි යින්ග්ලුඕ” සාමාන්‍ය සාම්ප්‍රදායික චීන ගැහැණුන් මෙන් කීකරු, ඉවසිලිවන්ත, බිඳුනු ගැහැණියක නොවන්නේය. ඒ නිසාම පැරණි ප්‍රස්තුතයක් තුළ සාම්ප්‍රදායකත්වයෙන් මිඳුන ගැහැණියක නාට්‍ය තුළ නිරූපණය කිරීම නාට්‍ය මෙතරම් සුප්‍රසිද්ධ වන්නට හේතුවක් වන්නට ඇත.නාට්‍යයේ ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රිය උපුටා ගැනීමක් මීට හොඳම උදාහරණ සපයයි.. ”මම වෙයි යින්ග්ලුඕ.. ස්වභාවයෙන්ම ගිනි ගන්නා කිසිවෙකුටත් බලපෑම් කළ නොහැකි අයෙක්මි ..විකාර දොඩවන කට වුවද ඔවුන්ට එරෙහිව යන්නට මාළඟ ක්‍රමයක් ඇත.”



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි