×

කොරෝනා නිසා චීනයේ සියලුම මංගල උත්සව නවතාදමයි

චීන ජාතිකයන් මීයා සුබ සංකේතයක් ලෙස සැළකුවද ඌ රෝගාවාහක සත්වයෙක් බව හැමෝම දන්නා කාරණයකි.


චීන කැලැන්ඩරයට අනුව 2020 මීයාගේ වර්ෂයයි. බොහොම කඩිසරව හා සාමූහිකව අරමුණු කරා ගමන් කිරීම පිළිබිඹු කරන මීයාගේ වර්ෂය, චීනයට විශාල සාර්ථකත්වයක් අතකරගැනීමට හැකිවෙතැයි බලාපොරොත්තුවෙන් සිටි වසරකි.

නමුත් කොරෝනා වෛරසය නිසා අහඹු ලෙස උද්ගත වූ වසංගත තත්වය ඒ සියල්ල යටපත් කරමින් සිටියි. පහුගිය 11වෙනිදා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා වෛරසයෙන් හටගන්නා රෝගී තත්වය කොවිඩ්-19 (Covid-19) ලෙස ප්‍රකාශයට පත් කෙරුණා. මේ වනවිට චීනයේ පමණක් කොවිඩ්-19 රෝගීන් 74,185ක් වාර්තා වී තිබෙන අතර 2000 ඉක්මවූ රෝගීන් ප්‍රමාණයක් මියගොස් තිබේ.

ලංකාවේ මෙන්ම චීනයේද විවාහ මංගල උත්සවයන් යෙදෙන්නේ සුබ දිනවලටය. මීයාගේ වර්ෂයේ සුබම දින දෙක ලෙස සළකන්නේ 02022020 (2020/02/02) හා 20022020 (2020/02/20) යන දවස් දෙකය. ඊට හේතුව මීයාගේ වර්ෂයේ සුබම අංකය 2 වීමත් දිනය ලිවීමේදී වසර/ මාසය/ දිනය ආදි වශයෙන් එම ඉලක්කම තුන් වරක් යෙදීමත් නිසාය.

2020/02/02 වෙනිදා යෙදී තිබූ මංගල උත්සවයන්ගෙන් හරි අඩකටත් වඩා කල් දැමූ බව එරටින් වාර්තා විය. එමෙන්ම 2020/02/20 වෙනි අද දිනයේදී පැවැත්වීමට නියමිත විවාහයන්ගෙන්ද 90%ක් පමණ කල් දමා ඇති බවටයි චීන මාධ්‍යය වාර්තා කර තිබෙන්නේ.

Shanghai Daily

අමුත්තන් නොමැති මංගල උත්සව – Shanghai Daily

මේ පිළිබඳව චීන රජයද මහජනතාව දැනුවත් කර තිබෙන අතර විවාහ අපේක්ෂිතයන්ද සෙනඟ එක්රැස් වීමෙන් ඇතිවිය හැකි අනිසි ප්‍රතිඵල මගහැරවීම සදහා මෙම තීරණය ගෙන තිබේ. සියලුම විවාහයන් රට යථා තත්වයට පත්වීමෙන් අනතුරුව පවත්වන බව වැඩිදුරටත් කියාසිටී.

Beijing News

Beijing News

විවාහෝත්සව පමණක් නොව අවගංල්‍ය උත්සව ද, මහජන රැස්වීම් ද චීනය, හොංකොං යනාදී රටවල සීමා කර තිබේ. Crux Now

විවාහෝත්සව පමණක් නොව අවගංල්‍ය උත්සව ද, මහජන රැස්වීම් ද චීනය, හොංකොං යනාදී රටවල සීමා කර තිබේ. Crux Now

චීන ජාතිකයන් මධුසමය ගත කිරීමට සුලබ වශයෙන් සංචාරය කරනු ලබන්නේ සෝල් නුවර, ජේජු දූපත, ඔකිනාවා, බාලි දූපත් ආදී පාරාදීසයන්ටය. වෙනත් අවුරුදුවලදී මෙම කාලයට සංචාරක භූමිවල එක හෝටල් කාමරයක් හෝ වෙන් කරගැනීම අසීරු කාර්යයකි. එමෙන්ම ස්ටූඩියෝවලටද වැඩ ගලාගෙන එන කාලයකි. නමුත් මෙවර එම සංචාරක ප්‍රදේශ බොහෝසෙයින් පාළුවට ගොස් ඇති බවත් ආදායම් පහත වැටී ඇති බවත් සැල වේ. මේ මඟුල් උත්සව කල් දැමීමේම අතුරු ඵලයකි.

– චතුර රුවන් වීරක්කොඩි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි