×

31 වැනි සතියටත් කහ බැනියම් විරෝධතාකරුවන් වීදියේ!

මේ වන විටත් ප්‍රංශයේ පැරිස් අගනුවර කහ බැනියම් විරෝධතාකරුවන් (yellow vest protesters) උද්ඝෝෂණවල නියැලී සිටින අතර මේ ගෙවී යන්නේ 31 වැනි සතියයි.


කහ බැනියම් විරෝධතාකරුවන් ප්‍රංශ ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට එරෙහිව වීදි බැස්සේ 2018 ඔක්තෝබර් මාසයේදී ය. නොවැම්බර් 17 වැනිදා, මිලියනයකට ආසන්න අත්සන් ප්‍රමාණයක් එක් රැස් වූ අන්තර්ජාල පෙත්සමක් හරහා එය නිල වශයෙන් ආරම්භ වූයේ මහා පරිමාණ උද්ඝෝෂණ රැල්ලක් ද සමගිනි.  

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව ආරම්භ වුණු මෙම විරෝධතා පසුව ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ පැතිරී ගිය අතර, මේ වන විට එය ආර්ථික යුක්තිය ඉල්ලා සිටින වෙනම සිවිල් ව්‍යාපාරයක් වශයෙන් සංවිධානය වෙමින් පවතියි. එය yellow vests movement හෝ yellow jackets movement යනුවෙන් හැඳින්වේ. (ප්‍රංශ බසින් Mouvement des gilets jaunes). ඉන්ධන මිල ඉහළ දැමීම, ජීවන වියදම ඉහළ දැමීම, ආණ්ඩුවේ අවිධිමත් බදු ප්‍රතිසංස්කරණ වැඩ කරන පන්තියේ සහ මධ්‍යම පන්තියේ ජනතාව කෙරෙහි අහිතකර අන්දමින් බලපෑම යනාදී කරුණු රැසක් සඳහා මෙහිදී විරෝධය පළ කෙරේ.

ඒ අනුව විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් වී තිබෙන්නේ, 

  • ඉන්ධන මිල පහළ දැමීම
  • ධනවතුන් සඳහා සාධාරණ බදු පැනවීමක් සිදු කිරීම
  • අවම වේතනය වැඩි කිරීම
  • පුරවැසි ජනමත විචාරණ ක්‍රියාවට නැංවීම

යනාදියයි.

ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රොන් (Emmanuel Macron) සහ ප්‍රංශ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව ද ඔවුහු පවසති.

ප්‍රංශ ජාතිකයන් 12 දෙනෙක් සහ බෙල්ජියම් ජාතිකයන් 3 දෙනෙක් මේ දක්වා මෙම විරෝධතාවලින් මරුමුවට පත්ව ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි