×

යේමනයේ හමුදා පුහුණු කඳවුරකට මිසයිල ප්‍රහාරයක්: 70ක් මරුට!

යේමනයේ හමුදා පුහුණු කඳවුරකට මිසයිල ප්‍රහාරයකින් අවම වශයෙන් සොල්දාදුවන් 70 ක් මිය ගොස් තිබේ.


යේමනයේ හමුදා පුහුණු කඳවුරකට මිසයිල ප්‍රහාරයකින් අවම වශයෙන් සොල්දාදුවන් 70 ක් මිය ගොස් තිබේ.

පසුගිය සෙනසුරාදා මධ්‍යම පළාතේ මාරිබ් වෙත එල්ල වූ මෙම ප්‍රහාරයෙන් තවත් දුසිම් ගණනක් තුවාල ලැබූ බව බලධාරීහු පවසති.

සානා අගනුවරට කිලෝමීටර් 170 ක් (සැතපුම් 105 ක්) නැගෙනහිරින් පිහිටි මෙම කඳවුර පල්ලියක් ලෙස ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය එල්ල කර ඇත්තේ යාඥා වෙනුවෙන් මිනිසුන් එක් රැස්ව සිටි නිසා බව වාර්ථා වේ.

මෙම ප්‍රහාරය සම්බන්ධව යේමනයේ රජය හූති කැරලිකරුවන් වෙත දොස් පවරා ඇති නමුත් තවමත් ඔවුන් වගකීම භාරගෙන නොමැත.

බලධාරීන් පැවසුවේ මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි