×

මුදල් විශුද්ධිකරණ චෝදනා මත ඉන්දියානු බැංකු ප්‍රධානියක් අත්අඩංගුවට

මුදල් විශුද්ධිකරණය පිළිබඳ චෝදනා මත ඉන්දියාවේ මූල්‍ය අපරාධ රහස් පරීක්ෂකයින් විසින් ඉන්දියානු පෞද්ගලික බැංකුවක් වන යස් බැංකුවේ ප්‍රධානියා අත්අඩංගුවට ගෙන තිබේ.


මුදල් විශුද්ධිකරණය පිළිබඳ චෝදනා මත ඉන්දියාවේ මූල්‍ය අපරාධ රහස් පරීක්ෂකයින් විසින් ඉන්දියානු පෞද්ගලික බැංකුවක් වන යස් බැංකුවේ ප්‍රධානියා අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අනුව එහි ප්‍රධානී රනා කපූර් පසුගියදා එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. කපූර් මහතා බටහිර මුම්බායි හි උසාවියකට ඉදිරිපත් කර මාර්තු 11 දක්වා රිමාන්ඩ් කරනු ලැබීය.

රනා කපූර් විසින් සිදු කර ඇති මූල්‍ය අපරාධය ඩොලර් මිලියන 581ක් බව එරට ෆෙඩරල් මූල්‍ය ඒජන්සිය ප්‍රකාශ කර තිබේ. නමුත් කපූර් මහතා ඔහුට එරෙහි සියලු චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

කපූර් මහතා සිය බැංකුව අයහපත් ණයවලින් පෙළෙන හෙයින් එහි නියාමන අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රාග්ධනය රැස් කිරීමට අසාර්ථක උත්සාහයක් ගෙන ඇති බව වාර්තා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි