×

අපරාධ නඩු විභාගයකට මුහුණ දී සිටින පළමු දකුණු කොරියානු නායකයා ලෙස යූන් සුක් යෙයෝල් නඩු විභාගයට පෙනී සිටියි

මේ චෝදනාවන් තහවුරු වුවහොත් ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් හෝ වරදකරු වුවහොත් මරණීය දණ්ඩනයට මුහුණ දීමට සිදුවනු ඇත.


සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : යුධ නිතිය පැනවීමේ උත්සාහයෙන් අනතුව ඊයේ(19)දිනයේදී අපරාධ නඩු විභාගයට පෙනී සිටින පළමු නායකයා බවට බලයෙන් පහ කරන ලද දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් පත්ව ඇති බව වාර්තා වේ.

64 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා පසුගිය දෙසැම්බර් 4 වන දා රටතුල හදිසි යුධ නිතිය පැනවීමත් සමඟ දෝෂාභියෝගයට ලක්වී ධුරයේ වැඩ කටයුතු වලින් ඉවත්කර තැබීමෙන් අනතුරුව යුන් කැරැල්ල මෙහෙයවන ලද නායකයා වශයේ චෝදනා ලබා, ජනවාරි මාසයේදී සිය ජනාධිපති මන්දිරයේදී අත්අඩංගුවට ගත් දා සිට සිරගතව සිටියි. මේ චෝදනාවන් තහවුරු වුවහොත් ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් හෝ වරදකරු වුවහොත් මරණීය දණ්ඩනයට මුහුණ දීමට සිදුවනු ඇත.

මිට අමතරව වෙනමම අධිකරණයක් විසින් යූන්ව දෝෂාභියෝගයට ලක් කිරීමෙන් පසු නිල වශයෙන් නිලයෙන් ඉවත් කරන්නේද යන්න සාකච්ඡා කරමින් සිටින අතර එම ක්‍රියාවලිය දෙසතියක් හෝ ඊට වැඩි කාලයක් ගත විය හැකි බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ,



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි