×

දකුණු කොරියානු ජනාධිපතිවරයා ගේ රඳවා ගැනීමේ නියෝග දීර්ඝ කිරීමෙන් අනතුරුව පාක්ෂිකයන් උසාවියට පහර දේ

යුන් අත්අඩංගුවට පත් පළමු දකුණු කොරියානු ජනාධිපතිවරයා වන අතර ඔහු මේවන විට සෝල් රැඳවුම් මධ්‍යස්ථානයේ හුදකලා සිර මැදිරියක රඳවා ඇත.


සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 19; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දකුණු කොරියානු අධිකරණයක් විසින් ජනාධිපති යූන් සුක්-යෙයෝල්ගේ රඳවා තබා ගැනීම දින 20ක් දක්වා දීර්ඝ කිරීමෙන් අනතුරුව කෝපයට පත් ආධාරකරුවන් සිය ගණනක් උසාවි ගොඩනැගිල්ලට කඩා වැදී, ජනේල කඩා බිඳ දමා ප්‍රචණ්ඩ ලෙස සිය විරෝධතා දක්වා තිබේ.

කැරලි මර්දන පොලිසිය විසින් ඔවුන්ව වළක්වා ඇත.

පසුගිය දෙසැම්බර් 3වන දා කෙටි කාලීනව යුධ නිතිය ප්‍රක්ෂයට පත් කිරීමත් සමඟ දෝෂාභියෝගයකට මුහුණ දුන් ජනාධිපතිවරයා දෙසැම්බර් 14 වන විට ධුරයේ කටයුතු තාවකාලිකව නවතා විමර්ශන කටයුතුවලට මුහුණ දෙනු ලැබිය. ඉන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගැනීමට පැමිණි අපරාධ විමර්ශන අංශය හා පොලිසිය යුන්ගේ ආරක්ෂක අංශ හා පාක්ෂිකයන් අතර ගැටුම් හේතුවෙන් හිස් අතින් ගිය අතර දෙවන වර කැරලි මර්දන ඒකකයේ 3000ක් සමඟ පසුව විත් ඔහු අත්අඩංගුවට ගණු ලැබිය.

යුන් අත්අඩංගුවට පත් පළමු දකුණු කොරියානු ජනාධිපතිවරයා වන අතර ඔහු මේවන විට සෝල් රැඳවුම් මධ්‍යස්ථානයේ හුදකලා සිර මැදිරියක රඳවා ඇත.

යූන් සහ ඔහුගේ නීතීඥයින් ඊයේ (18) දිනයේදී නඩු විභාගයකදී උසාවියේ විනිසුරුවරයා ඉදිරියේ පෙනී සිට ඔහු නිදහස් කරන ලෙස ඉල්ලා සිටි මුත් ඔහු අත්අඩංගුවට ගැනීම මාසයක් දක්වා දීර්ඝ විය හැකි බවයි වාර්තා වන්නේ,



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි