×

ඊමේල් තුළ ඊමේල් යවන්න සූදානම්ද?

Gmail හි ඊමේල් දාම සංසිද්ධිය වැඩි දියුණු වෙමින් පවතී. මේ ඔස්සේ තැපැල් පද්ධතිය හරහා වැඩි වේගයකින් එහි පරිශීලකයින්ට ඊමේල් ඇමුණුම් ලෙස emails as attachments යැවීමට අවස්ථාව සැලසෙනු ඇත.


Gmail හි ඊමේල් දාම සංසිද්ධිය වැඩි දියුණු වෙමින් පවතී. මේ ඔස්සේ තැපැල් පද්ධතිය හරහා වැඩි වේගයකින් එහි පරිශීලකයින්ට ඊමේල් ඇමුණුම් ලෙස emails as attachments යැවීමට අවස්ථාව සැලසෙනු ඇත. මෙහිදී අදාල ඊමේල් කිසිදු බාගත කිරීමක් downloading හෝ නැවත හැරවීමක් forwarding අවශ්‍ය නොවේ. ගූගල් පවසන පරිදිම කිවහොත්, “ඔබට දැන් Gmail ඔස්සේ ඊමේල් වලට ඊමේල් ඇමිණිය හැකිය.”

මෙහිදී ඊමේල්කරුවන්ට ඊමේල් ඕනෑ තරම් ප්‍රමාණයක් ඇමිණිය හැකි අතර, එය ඔවුන් කැමති පරිදි .eml ගොනුවක් ලෙස දිස්වනු ඇත. බහුවිධ ටැබ් multiple tabs විවෘත කිරීමට කැමති පරිශීලකයින් ඇමුණුම නව කවුළුවකින් විවෘත වනු ඇති බව දැකීම සතුටට කරුණක් විය හැක.

දැන් දැවෙන ප්‍රශ්නය සඳහා: යමෙකුට මෙය අවශ්‍ය වන්නේ ඇයි? අපි කෙලින්ම ගූගල් වෙත යමු:

ගූගල් පවසන පරිදි තනි මාතෘකාවකට අදාළ පණිවුඩ කිහිපයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය වීම වැනි අවශ්‍යතා වලදී වෙනම ඊමේල් යොමු කිරීමට වඩා ඊමේල් ඇමිණීම අර්ථවත් වේ. මෙම නව ක්‍රියාකාරිත්වය සමඟ, ඔබට එය හරියටම කළ හැකිය.

ඇමුණුම් ලෙස ඊමේල් යැවීම මඟින් ඔබේ ලබන්නන්ට සාරාංශ ඊමේල් පණිවිඩයක් ලිවීමට ඉඩ සලසයි, ලබන්නන්ට ඔවුන්ගේ තැපැල් සේවාදායකයා තුළ කෙලින්ම විවෘත කළ හැකි උපකාරක ඊමේල් කට්ටලයක් ඇමිණීමට වගබලා ගැනීම ඊමේලය යවන්නා සතු වගකීමකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි