BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

YouTube හි 4K Videos නැරඹීමට Premium Plans මිලදී ගැනීම අනවශ්‍යයි!

පසුගිය දිනෙක ලොව ප්‍රමුඛතම සහ ප්‍රධානම සමාජ මාධ්‍යයක් වන YouTube හි 4K Videos නැරඹීම සඳහා පරිශීලකයන් වෙත Premium Plans ලබාගත යුතු බවට පැතිර තිබූ පුවත හේතුවෙන් බොහෝ පරිශීලකයන් නොසන්සුන්තාවයට පත් විය. එයට හේතුව නම් ඇතැම් පරිශීලකයන් සඳහා එලෙස 4K Videos නැරඹීමට නම් YouTube හි Premium Plan මිලදී ගත යුතු බවට දැනුම් දී තිබීම හේතුවෙනි. කෙසේ […]

පසුගිය දිනෙක ලොව ප්‍රමුඛතම සහ ප්‍රධානම සමාජ මාධ්‍යයක් වන YouTube හි 4K Videos නැරඹීම සඳහා පරිශීලකයන් වෙත Premium Plans ලබාගත යුතු බවට පැතිර තිබූ පුවත හේතුවෙන් බොහෝ පරිශීලකයන් නොසන්සුන්තාවයට පත් විය.

එයට හේතුව නම් ඇතැම් පරිශීලකයන් සඳහා එලෙස 4K Videos නැරඹීමට නම් YouTube හි Premium Plan මිලදී ගත යුතු බවට දැනුම් දී තිබීම හේතුවෙනි.

කෙසේ නමුත් YouTube හි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙය හුදෙක් පරීක්ෂණාත්මක ක්‍රියාවලියක් බවත් ඔවුන් මෙම ක්‍රියාවලිය ස්ථිරවම ක්‍රියාත්මක කිරීමට ඒ වන විට අදහස් කර නොමැති බවත් ය.

නමුත් මෙලෙස පැවති Premium Plan ලබාගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව අවසන් තීරණයක් ලබාදෙමින් YouTube සඳහන් කළේ එම පරීක්ෂණාත්මක ක්‍රියාවලීන් තම ආයතනය විසින් නවත්වා දැමූ බවයි.

මෙම ක්‍රියාවලිය නැවැත්වීම සිදුකරන්නේ කුමන හේතුවක් මත පදනම්ව ද යන්න YouTube ආයතනය විසින් සඳහනක් සිදුකර නොමැත.

එසේම ඉදිරියට YouTube හි පවතින 4K Videos සෑම පරිශීලකයෙක් සඳහාම නොමිලේ නැරඹීමට අවස්ථාව සපයන බවත් පෙර සිදුකළ ක්‍රියාවලීන් තවදුරටත් වලංගු නොවන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කරයි.


ඔස්කාර් සම්මානලාභී ෆ්ලෑෂ් ඩාන්ස් ගායිකා අයිරින් කාරා මිය යයි

කලාපයේ සහ ලෝකයේ සාමය වෙනුවෙන් එක්ව වැඩ කිරීමට බීජිං සූදානම් බව ෂී කිම්ට දැනුම් දේ.

Amazonහි සේවකයන්ගේ කළු සිකුරාදා දින පාගමන

අතුරුදන් වූ ගංජා කිලෝ සිය ගණනක් වෙනුවෙන් ඉන්දීය පොලීසිය මීයන්ට චෝදනා කරයි.

ජිද්දා නගරය ගංවතුරින් යටවේ; නිල මරණ සංඛ්‍යාව දෙකක්

ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස සලකා ඇමරිකාව තුළ Huawei තහනම්

බටහිර යුරෝපයේ තාප තරංග හේතුවෙන් මියගිය සංඛ්‍යාව 20,000 ඉක්මවයි.

කුසගින්නෙන් හඬන ඇෆ්ගන් දරුවන්ට මතිපෙති දෙන ඇෆ්ගනිස්ථානුවන්

error: Content is protected !!
error: Content is protected !!