×

YouTube වීඩියෝ 4K නරඹන්නට නම් Premium Plan මිලදී ගන්න වෙයිද?

Premium Plan ලබාගැනීම සඳහා ආසන්න වශයෙන් ඩොලර් 11.99 ක මුදලක් වැයවේ.


අප එදිනෙදා භාවිතා කරන YouTube ජාලය තුළ සැරිසරන්නන් හට යම් ගැටලුකාරී වාතාවරණයක් නිර්මාණය වෙමින් පවතී. එනම් තම මාධ්‍ය තුළ 2160p නැතිනම් 4K විඩියෝ නැරඹීම සඳහා පරිශීලකයින් විසින් YouTube හි Premium Plan එකක් මිලදී ගැනීමට සිදුවන බවයි.

මෙය YouTube භාවිතා කරන සියල්ලන්ටම මෙතෙක් අදාල නොවූවත් ඇතැම් පරිශීලකයින් සඳහා එලෙස මිලදී ගැනීමකින් තොරව 4K වීඩියෝ නැරඹීමට නොහැකි බව සඳහන් කරමින් පණිවුඩ ලැබී ඇත.

මෙය මහත් සේ ආන්දෝලනයට මෙන්ම තරමක අප්‍රසාදයට ද හේතු වන කාරණාවක් බවට පත් වීමත් සමග බොහෝ පරිශීලකයන් මෙ පිළිබඳව බොහෝ සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් ප්‍රකාශ කර ඇත.

YouTube හි පැවති Premium Plan පහසුකම ඔස්සේ එම මාධ්‍ය භාවිතා කරන්නන් හට ads රහිතව වීඩියෝ නැරඹීමේ හැකියාව, Video සහ Audio download කිරීමට ඇති හැකියාව සහ ඒවා පසුබිමෙහි (Background) Play කිරීමට ඇති හැකියාව වැනි අමතර විශේෂාංග රාශියක් ලබාගත හැකිවිය.

කෙසේ වෙතත් මෙම වෙනස්කම සමග මේ අතරට 4K වීඩියෝ නැරඹීමද ඉදිරියේ දී සම්පූර්ණයෙන් සිදුවිය හැකි බව අප හට අනුමාන කළ හැකිය.

මෙය සියලුම YouTube පරිශීලකයන් වෙත මෙතෙක් බලනොපෑවද මෙලෙස පරිශීලකයන්ගෙන් යම් මුදලක් අය කිරීම සම්බන්ධව බොහෝ දෙනා මහත් කනස්සල්ලට පත්ව ඇති බව සමාජ මාධ්‍ය දෙස අවධානය යොමු කරන විට වැටහෙන බව විචාරකයන් සඳහන් කරයි.

එනම් Premium Plan ලබාගැනීම සඳහා ආසන්න වශයෙන් ඩොලර් 11.99 ක මුදලක් වැයවේ.

SOURCE: TechCrunch



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි