×

තවත් youtube තරුවක් සමුගනී

මේ youtube තරුව තමන්ගේ දේශපාලන පක්ෂයට ඡන්දය දෙන්නැයි තමන්ගේ විවර්ස්ලාට කිව්වේ නැත. තමන් ක‌ඩේ යන අපේක්ෂකයා ජනාධිපති කරන්නැයි තමන්ගේ විවර්ස්ලාගෙන් ඉල්ලුවේ නැත.


තවත් youtube තරුවක් පසුගිය ඔක්තෝබර් 30 වැනිදා ලෝකයෙන්ම සමු ගත්තේය. මේ youtube තරුව ගායකයෙකු හෝ සුප්‍රසිද්ධ නළුවෙකු/නිළියක හෝ නොවේ. මේ youtube තරුව කෝකියෙකි.

මේ youtube තරුව තමන්ගේ දේශපාලන පක්ෂයට ඡන්දය දෙන්නැයි තමන්ගේ විවර්ස්ලාට කිව්වේ නැත. තමන් ක‌ඩේ යන අපේක්ෂකයා ජනාධිපති කරන්නැයි තමන්ගේ විවර්ස්ලාගෙන් ඉල්ලුවේ නැත. තමන් කඩේ යන අපේක්ෂකයා වෙනුවෙන් සින්දු කිව්වෙ නැත, රූපරචනා කළේ නැත.

මේ youtube තරුව සිදුකළේ තමන්ගේ විවර්ස්ලා ඉදිරියේ නානාප්‍රාර කෑමබීම සකස් කිරීම පමණි. ඒද තමන්ගේ බඩගින්න නිවා ගැනීම සඳහා පමණක් නොවේ. වීදි දරුවන් සිය ගණනකගේ කුස පිරවීම වෙනුවෙනි.  සරළවම පවසනවා නම් මේ youtube තරුව කෑමබීම සකස් කළේ ඉන්දියානු වීදි දරුවන් සඳහායි.

ඔවුන් එම වීදි දරුවන් වෙනුවෙන් මුදල් ආධාර ඉල්ලුවේ නැත. ද්‍රව්‍ය අධාර ඉල්ලුවේ නැත. වෙනත් කිසිවක් ඉල්ලුවේ නැත. ඉල්ලූ එකම දෙය තමන්ගේ youtube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න කිය පමණි. ඉතිරි සියල්ල තමන් බලාගන්නා බව මේ සීයා සහ කොලු ගැටව් රෑන සිදු කළේය.

එහෙත්,

මේ වනවිට එම වීදි දරුවන්ගේ රස නහර පිනවූ අපේ ආදරණීය Grandfa අද වනවිට ලෝකයෙන්ම සමුගෙනය.

ඉහත සඳහන් කළේ, ලෝ ප්‍රකට Grandpa Kitchen යූටියුබ් චැනලය හරහා ලෝකයම හඳුනා ගත් මිනිසා පිළිබඳවයි. ඒ උදාර මිනිසා පසුගිය 30 වැනිදා ලෝකයෙන්ම සමු ගත්තේය. ඒ ඉන්දියානු වීදි දරුවන් වෙනුවෙන් තමන්ගේ යුතුකම් ඉහටත් උඩින් ඉටු කිරීමෙන් පසුවයි.

අප දන්නා තරමින් Grandpa Kitchen යූටියුබ් චැනලය දකුණු ඉන්දියාවේය. (අප වැරදි නම් එය නිවැරදි කරන ලෙස ඉල්ලමි) 

Grandpa Kitchen චැනලය හරහා අප දකින්නේ වීදි දරුවන්ගේ කුසගින්න නිවන සීයා සහ තවත් තරුණයන් දෙතුන් දෙනෙකු පමණි. එහෙත් Grandpa Kitchen යූටියුබ් චැනලය පිටුපස තවත් කිහිප දෙනෙකු හෝ සිටිනවාට කිසිදු සැකයක් නොමැත.

ඉන්දියානු වීදි දරුවන්ගේ රස නහර පිනවූ එසේම අපගේ සිත් පිනවූ ඒ නම නොදත් අපේ අසල්වැසියාට සුබ ගමන් ප්‍රාර්ථනා කරමු. එසේම Grandpa Kitchen හරහා තවදුරටත් ඉන්දියානු වීදි දරුවන්ගේ රස නහර පිනවීම අඛණ්ඩව සිදුවනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු. 

ලංකා නිව්ස් වෙබ් වෙතිනි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි