සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ වන ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වීමත් සමඟ යුක්රේන යුද්ධය ඉතා ඉකමනින් අවසන් වණු ඇතැයි තමා විශ්වාස කරන බව යුක්රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි ප්‍රකශ කර තිබේ.
ට්‍රම්ප් සහ සෙලෙන්ස්කි අතර දිගු කලක් තිස්සේ නොසන්සුන්කාරී සබඳතාවක් පැවතුමුත් ට්‍රම්ප් සිය මැතිවරණ වේදිකාවල දිගින් දිගටම ප්‍රකාශ කර තිබුණේ, තමා බලයට පත්වීමත් සමඟ පැය 24ක් ඇතුලත යුක්රේන යුද්ධය නිමා කරන බවත්, යුක්රේනයට කිසිදු මිලිටරි ආධාරයක් ලබා නොදෙන බවත්ය.
ට්‍රම්ප් මෙම යුද්ධය අවසන් කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් කිසිදු විස්තරයක් කර නොමැති අතර පසුගියදා වොෂින්ටන් පෝස්ට් වාර්තා කර තිබුණේ, ට්‍රම්ප් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ දුරකථනයෙන් කතා කර යුක්රේනයට එරෙහි යුද්ධය උත්සන්න නොකරන ලෙස උපදෙස් ලබා දුන් බවයි.
ජර්මානු පර්යේෂණ ආයතනයක් වන කීල් ආයතනයට අනුව, එක්සත් ජනපදය යුක්රේනයට විශාලතම ආයුධ සැපයුම්කරු වී වේ. 2022 පෙබරවාරි සහ 2024 ජූනි අවසානය වන විට ඇමරිකාව විසින් යුක්රේනය වෙත ඩොලර් බිලියන 55.5 (පවුම් බිලියන 41.5 ක්) වටිනා ආයුධ සහ උපකරණ ලබා දී ඇති බව වාර්තා වේ.