×

සෙලෙන්ස්කි බයිඩන් දකින්න නෑගම් එයි; බයිඩන්ගෙන් ඩොලර් බිලියන 2ක සන්තෝසමක්

මෙම සංචාරය පිළිබඳව ධවල මන්දිරය වාර්තා කර තිබුණේ, ඇමරිකන් ජනාධිපති හා ජනතාව සිය සහයෝගය යුක්රේනයට අවශ්‍යවනතාක් කල් ලබා ‌දීමට සූදානම්ය යන පණිවුඩය බයිඩන් මෙහිදී ලෝකයට ලබා දෙනු ඇති බවයි.


රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කර දින 300 කට පසුව, යුද්ධය එහි වසරක සංවත්සරයට ළං වන විට යුක්රේන ජනාධිපති වැලැඩිමර් සෙලෙන්ස්කි අද(21)දින ඔහුගේ ඉහළම ජාත්‍යන්තර සහකරු හමුවීමට වොෂින්ටන් පැමිණ ඇති බව වාර්තා වේ.

යුක්රේන ජනාධිපතිවරයා මෙම සංචාරයේදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සමඟ දීර්ඝ සාකච්ඡාවන් පැවැත්වීමට නියමිත වන අතර, බයිඩන් විසින් සිය යුක්රේනය සගයා සතුටු කිරීමට නවීන ගුවන් ආරක්ෂක පද්ධතියක් ඇතුළුව ඩොලර් බිලියන 2 කට ආසන්න අමතර ආරක්ෂක ආධාරයක් ලබා දීමට සූදානම්ව සිටින බව වාර්තා වේ.

රුසියානු ගුවන් ප්‍රහාරවලින් ආරක්ෂා වීමට යුක්රේනයේ දිගුකාලීන ඉල්ලීමක් වූ Patriotපදිධතිය ද ඇතුළත් වේ. මේවා බැලස්ටික් සහ කෲස් මිසයිලවලට මෙන්ම සමහර ගුවන් යානාවලට එරෙහිව දියත් කිරීමට හැකි උපරිම දිගු දුර ආයුධවලින් එකක් ලෙස සැලකේ. ඒ අනුව ඉදිරියේදී යුක්රේනයට ඔවුන්ගේ අපේක්ෂිත ඉලක්කවලට වඩා බොහෝ දුරින් ඇති රුසියානු මිසයිල සහ ගුවන් යානා වෙඩි තබා බිම හෙළීමට හැකියාව ලැබෙනු ඇත.

ජනාධිපතිවරුන් දෙදෙනා අද දිනයේදී බටහිර හවුල්කරුවන් යුක්රේනයට ලබා දෙන පුහුණුව සහ හැකියාවන්, රුසියාවට පනවා ඇති සම්බාධක සහ ආර්ථික හා බලශක්ති ආධාර මෙන්ම යුධ පිටියේ ඉදිරි ගමන පිළිබඳ ගැඹුරු උපායමාර්ගික සාකච්ඡාවක නිරතවනු ඇති බව ධවල මන්දිරය වාර්තා කර තිබේ.

අනාවරණය වන තොරතුරු වලට අනුව එක්සත් ජනපදයේ, රිපබ්ලිකානුවන් යුක්රේනය සඳහා දැවැන්ත නව ආධාර පැකේජ ඉක්මනින් අනුමත නොකරන බවට සංඥා කර ඇති හෙයින් සෙලෙන්ස්කි ප්‍රයිම් ටයිම් හි කැපිටල් හිල් හි කොන්ග්‍රස් සාමාජිකයින් ඇමතීමටද නියමිතය.

සංචාරයට පෙර ආරක්ෂක විධිවිධාන පිළිබඳ අමතර තොරතුරු සැපයීම එක්සත් ජනපද නිලධාරීන් ප්‍රතික්ෂේප කර ඇති අතර, මෙම සංචාරය පිළිබඳව ධවල මන්දිරය වාර්තා කර තිබුණේ, ඇමරිකන් ජනාධිපති හා ජනතාව සිය සහයෝගය යුක්රේනයට අවශ්‍යවනතාක් කල් ලබා ‌දීමට සූදානම්ය යන පණිවුඩය බයිඩන් මෙහිදී ලෝකයට ලබා දෙනු ඇති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි