×

රුසියාව විසින් කෙර්සන්හි යුධ අපරාධ කළ බවට සෙලෙන්ස්කිගෙන් චෝදනා

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම පසුගිය ඔක්තෝබර් මාසයේ තහවුරු කර තිබුණේ යුක්රේනයේ යුද අපරාධ සිදුවී ඇති බවත්, යුද්ධයේ මුල් සතිවල මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලින් අති බහුතරය සඳහා රුසියානු හමුදා වගකිව යුතු බවත්ය.


පසුගිය සතියේ යුක්රේනය විසින් නැවත අත්පත් කරගත් කෙර්සන්හි රුසියානු සොල්දාදුවන් විසින් යුද අපරාධ සිදු කර සිවිල් වැසියන් ඝාතනය කළ බවට චෝදනා කර තිබේ.


පරීක්ෂකයින් දැනටමත් රුසියානු යුද අපරාධ 400කට වඩා ලේඛනගත කර ඇති අතර මියගිය සිවිල් වැසියන්ගේ සහ සෙබළුන්ගේ සිරුරු සොයාගෙන ඇති බව වාර්තා වේ.


රුසියානු ආක්‍රමණයේ ආරම්භයේ සිට යුක්රේනය පුරා ස්ථාන කිහිපයකින් සමූහ මිනීවලවල් සොයාගෙන ඇති අතර, ඊසානදිග Kharkiv ප්‍රදේශයෙන් සහ Kyiv අගනුවර අසල Bucha හි වධහිංසා පැමිණවීම් පිළිබඳ සාක්ෂි පෙන්වන සිවිල් වැසියන්ගේ සිරුරු ද හමුව ඇත. එනමුත් රුසියාව තම හමුදා හිතාමතා සිවිල් වැසියන් ඉලක්ක කර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම පසුගිය ඔක්තෝබර් මාසයේ තහවුරු කර තිබුණේ යුක්රේනයේ යුද අපරාධ සිදුවී ඇති බවත්, යුද්ධයේ මුල් සතිවල මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලින් අති බහුතරය සඳහා රුසියානු හමුදා වගකිව යුතු බවත්ය.


ප්‍රාදේශීය නිලධාරීන් පවසන පරිදි යුක්රේනයේ කෙර්සන්හි බොහෝ නිවාස තවමත් විදුලිය හා ජලය නොමැතිව ඇති බවයි. රුසියන් හමුදාව විසින් යටිතල පහසුකම් වලට විශාල වශයෙන් හානිකර ඇති අතර ආරක්ෂක පියවරක් ලෙස මිනිසුන්ට නගරයෙන් පිටවීම හෝ ඇතුළුවීම තහනම් කිරීමටත් බලධාරීන් තීරණය කර ඇති බවද වාර්තා වේ.


යුද්ධයට පෙර ජනගහනය 290,000 ක් පමණ සාමාන්‍ය වාසියන් මෙහි ජීවත් වූ අතර මේ වන විට 70-80,000 පමණ සිටින බව වාර්තා වන අතර නගරය නැවත යථා තත්වයට පත් කරගෙන යමින් සිටින බව වාර්තා වේ. යුක්රේන රාජ්‍ය දුම්රිය අංශයේ ප්‍රධානියා පැවසුවේ Kherson වෙත දුම්රිය සේවා මේ සතියේ නැවත ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි.

යුක්රේනයේ ආරක්ෂක අමාත්‍යාංශයට අනුව මෙම සතිය ආරම්භයේ සිට ඩිනිපර් ගඟ දිගේ ජනාවාස 179 ක් සහ වර්ග කිලෝමීටර් 4,500 ක් (වර්ග සැතපුම් 1,700) නැවත අත්පත් කර ගැනීමට යුක්රේනය සමත්ව තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි