යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් අනතුරුව මුල් වරට ඊයේ(25)දිනයේදී යුක්රේන ජනාධිපතිවරයා හා චීන ජනාධිපතිවරයා අතර පැයකට වැඩි කාලයක් පුරා සාර්ථක දුරකතන සාකච්ඡාවක් පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මේ සම්බන්ධයෙන් බීජිං නිවේදනය කර තිබුණේ යුක්රේන අර්බුදයේදී චීනය සැමවිටම සාමයේ පැත්තේ සිටින අතර චීනයේ මූලික ස්ථාවරය වන්නේ සාකච්ඡා මාර්ගයෙන් සාමය ප්‍රවර්ධනය කිරීමට කියෙව් වෙත නව තානාපතිවරයකු යැවිය යුතු බවයි.
පසුගිය පෙබරවාරි මාසයේදී යුක්රේන යුද්ධයට වසරක් සපිරෙන විට චීනය විසින් කරුණු 12ක් මුල්කරගත් සාම සැළැස්මක් එළිදක්වන ලදි. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් යුරෝපා ජාතීන් සැක පල කරන ලදි. කෙසේ නමුත් මේ වන විට චීනය ජාත්‍යන්තර වේදිකාවේ සාමය ප්‍රවර්ධණය කරන්නෙකු ලෙස පෙනී සිටින අතර මැදපෙරදිග සතුරන් වන සෞදි අරාබිය සහ ඉරානය අතර පුදුමාකාර සහයෝගීතාවයක් ජාත්‍යන්තර වේදිකාව තුළ පෙන්වා ඇත.
සශිකලා මධුෂාණී_