×

චීනයේ කෝවිඩ් වසංගතය තුළ වුහාන් වැසියන් ගේ ඉරණම ගැන වාර්තා කළ බ්ලොග් මාධ්‍යවේදිනිය වසර 4 කට හිරේ !

චීනයේ කෝවිඩ් වසංගත සමය තුළ වුහාන් පළාත්වාසීන් මුහුණ පෑ දුෂ්කරතා සහ ඔවුන්ගේ ඉරණම පිළිබඳ වාර්තාකරණයේ යෙදුණු පුරවැසි මාධ්‍ය වේදිනියකට සිරදඬුවම් නියම කෙරේ.


සැන්ග් ෂාන් (Zhang Zhan) නමැති මෙම 37 හැවිරිදි මාධ්‍යවේදිනිය මීට පෙර නීතීඥවරියක ලෙස කටයුතු කර පසුව සමාජ ක්‍රියාකාරිකයෙකු බවට පත් වූ අයෙකි.

“picking quarrels and provoking trouble,” – රණ්ඩු සරුවල් කිරීම සහ කරදර ඇති කිරීම යන චෝදනාව ඔහුට එරෙහිව නගා තිබූ අතර, මෙය, චීන බලධාරීන් විසින් විසම්මුතිකවාදීන් මර්දනය කිරීම සඳහා නිරන්තරයෙන් යොදාගන්නා චෝදනාවයි.

පැය 3 ක් තිස්සේ මහජනතාවට විවෘත නොවූ නඩු විභාගයක් පවත්වා දඬුවම් නියම කිරීම සිදුවිය.

සැන්ග් ෂා, 2020 පෙබරවාරි මාසයේ වුහාන් පළාත බලා ගොස් තිබූ අතර, එහිදී රෝගීන් පිරී ඉතිරෙන රෝහල්, ප්‍රජා මධ්‍යස්ථාන යනාදිය වීඩියෝ කරමින්, ලොක්ඩවුන් කළ වුහාන් පළාතේ සැබෑ තතු ලෝකයට දැන ගැනීමට ඇය සිය බ්ලොග් සටහන් මගින් කවුළුවක් ලබාදුන්නාය. ඇය විසින් සිදුකළ වාර්තාකරණය නිසා ආණ්ඩුව විසින් තොරතුරු සම්බන්ධයෙන් දැඩි මර්දනයක් පවත්වාගෙන ආකාරය හෙළි විය. තවද චීනයේ රාජ්‍ය මාධ්‍ය වසං කරන සත්‍ය තොරතුරු ද ලෝක ජනතාවට දැනගැනීමට ඉඩ අවකාශ ලැබුණේය.

2020 මැයි මාසයේදී සැන්ග් ෂා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනිණි. ජූනි මාසයේ පටන් ඇය ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් නිරාහාර උපවාසයක නිරත වූවාය. එවිට බටයක් ආධාරයෙන් බලහත්කාරයෙන් කෑම වර්ග ලබාදීම සිදුව තිබේ. ඇය වරද පිළිගැනීම ප්‍රතික්ෂේප කළ නිසා විශාල පීඩනයකට ලක් වූ බවත් ඇගේ නීතීඥවරයා පවසයි.

සිරගත කළ ප්‍රථමයා

ලොක්ඩවුන් කළ වුහාන් නගරයේ පුවත් වාර්තා කළ පුරවැසි මාධ්‍ය වේදීන් ගණනාවක් මේ වන විට චීන බලධාරීන්ගේ අත්අඩංගුවේ පසුවෙති. නමුත් ඔවුන් අතරින් බන්ධනාගාරයට නියම කළ ප්‍රථමයා වන්නේ සැන්ග් ෂා ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය, කෝරෝනාවෛරසය හටගත් ආකාරය පිළිබඳ විමර්ශනයක් පැවැත්වීමට වුහාන් බලා ඒමට නියමිතව තිබියදී මෙම දඬුවම් නියම කිරීම සුවිශේෂී කාරණයකි.

අවුරුදු මැද නඩු ඇසීම

චීන බලධාරීන් සාමාන්‍ය යෙන් සංවේදී කාරණා පිළිබඳ වැදගත් නඩු විභාග පවත්වන්නේ වසර අවසානයේ හෝ බටහිර ලෝකයේ උත්සව සමයන්හිදී ය. එමගින්, ලෝකයේ අවධානය අඩුවෙන් තමන් වෙත යොමු කර ගැනීම අපේක්ෂා කෙරේ.

ලොක්ඩවුන් කළ නගරයෙන් මිදී හොංකොං වෙත පළා ගිය දස දෙනෙකු සම්බන්ධ නඩු විභාගය (“Hong Kong 12” සිද්ධිය) ද පසුගිය සඳුදා චීනය විසින් පවත්වා තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි