×

කොරෝනා නිසා ගොඩගිය Zoom

මෙවැනි වටපිටාවක් යටතේ හැකි සෑම දෙනාම බොහෝ වැඩකටයුතු අන්තර්ජාලය හරහා කරන්නට යොමු වී තිබේ. මේ දිනවල ලෝකය පුරා බොහෝ දෙනෙක් භාවිතා කරන්නට යොමු වෙච්ච application එකක් ලෙස Zoom හැදින්විය හැක.


ලොව පුරා පැතිර යන Covid–19 වසංගත තත්වයත් සමගින් බහුතරයක් රටවල ජනතාවගේ සියලුම ව්‍යාපාර කටයුතු, අධ්‍යාපන කටයුතු, රාජකාරි කටයුතු වගේම එදිනෙදා වැඩ කටයුතුත් අඩාල වී ඇත. මෙවැනි වටපිටාවක් යටතේ හැකි සෑම දෙනාම බොහෝ වැඩකටයුතු අන්තර්ජාලය හරහා කරන්නට යොමු වී තිබේ. මේ දිනවල ලෝකය පුරා බොහෝ දෙනෙක් භාවිතා කරන්නට යොමු වෙච්ච application එකක් ලෙස Zoom හැදින්විය හැක.

Zoom යනු දැනට ලෝකයේ පවතින ප්‍රමුඛතම enterprise video communication සේවාවක්. සමාගම පවසන ආකාරයට මේ හරහා online meetings, video webinars, conference rooms, phone calls සහ chat සේවාවන් සඳහා පහසු සහ විශ්වාසදායක cloud platform එකක් සපයනු ලැබෙයි.

දැනට ලෝකයේ මතුව තිබෙන අර්බුදකාරී තත්වය හමුවේ රාජකාරි කටයුතු සඳහා උපකාරකයක් ලෙස බොහෝ දෙනෙක් මේ application එක කෙරෙහි යොමු වී ඇත. මේ නිසාවෙන්ම ගෙවුණු සති කීපය තුළ එහි දෛනික පරිශීලකයින් ගණන මිලියන 10 සිට මිලියන 200 දක්වා සීග්‍ර වැඩිවීමක් පෙන්වා ඇති බවත් වාර්තා වේ.

මෙම යෙදෙම්න් වාර්තා වූ එකම ගැටලුව නම් එහි ආරක්ෂාකාරී බවෙහි අඩු බවයි. එයට පිළියමක් ලෙස ශක්තිමත් මුරපද භාවිතය, සුදුසු පරිදි ගිනිපවුරු යාවත්කාලීන කිරීම යන කරුණු සිදු කිරීමෙන් එය යම්තාක් දුරට මඟහරවා ගත හැකි අතර මේ සඳහා ප්‍රතිචාර දක්වන්නට එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Eric S. Yuan මහතා කටයුතු කර තිබුණි. ඒ අනුව ඔහුගේ නිවේදනයේ සඳහන් වෙන්නේ මේ මොහොතේ සමාගමේ අනෙක් සියලු ඉදිරි වැඩකටයුතු මදකට නවතා, හැකි ඉකමනින් මේ ගැටලුවට තාක්ෂණික පිළියමක් යෙදීමටත් එහි ප්‍රගතිය ගැන සතිපතා ජනතාව webinar එකක් හරහා දැනුවත් කරන්නටත් කටයුතු කරන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි