×

ස්ලොවැකියාවට අලුත් ඉරක් – නව ජනපතිනිය සුසානා

ඇය සමස්ථ ඡන්ද ප්‍රමාණයෙන් 58%කට ආසන්න සංඛ්‍යාවක් ලබා ගත් අතර ඇගේ ප්‍රතිවාදියා සියයට 42% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේය.


සුසානා කැපුටෝවා ස්ලොවැකියානු ඉතිහාසයේ ප්‍රථම කාන්තා ජනපතිවරිය ලෙස තේරී පත් වූවාය. ස්ලොවැකියානු දේශපාලන ප්‍රවාහයට ප්‍රථම වතාවට පැමිණි සුසානා දූෂණ හා වංචා විරෝධී දේශපාලන ප්‍රතිපත්තියක් සමග ජනපතිවරණ ප්‍රචාරණ කටයුතු වල නියැලි ඇය අතින් පරාජය වූ ප්‍රතිගාමියා වූයේ මාරෝස් සෙෆ්කොවික්ය.

සිය දේශපාලන ආගමනය හොද හා නපුර අතර අරගලයක් ලෙස හදුන්වා දුන් ඇය ස්ලොවෙකියානු දේශපාලන ප්‍රවාහය සහ දේශපාලකයන් දැඩි විවේචනයකට හසුව තිබූ යුගයක ජනාධිපති අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් විය.
පසුගිය 2018 වසරේ පෙබරවාරියේ ජාත්‍යන්තර අවධානයට ලක් එරට ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීයෙකු වූ ජාන් කුයිචැක් ගේ ඝාතනය සිය මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය තුළ ඈ දැඩිව අවධානයට ලක් කළ කරුණක් විය. එමෙන්ම ඈ ජනපති අපේක්ෂිකාවක් ලෙස ඉදිරිපත් වන්නටද ඔහුගේ ඝාතනය හේතු විය.

එරට දේශපාලන ව්‍යාපාරය තුළ නියැලෙන්නන් හා සංවිධානාත්මක අපරාධ පිළිබදව ගවේෂණයන් කිහිපයක්ම හෙළි කරන්නට මෙම මාධ්‍යවේදියා කටයුතු කරන ලදී.
ඇය සමස්ථ ඡන්ද ප්‍රමාණයෙන් 58%කට ආසන්න සංඛ්‍යාවක් ලබා ගත් අතර ඇගේ ප්‍රතිවාදියා සියයට 42%ඉඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේය.
මේත් සමග ස්ලොවැකියානු ඉතිහාසයේ නව පිටුවක් පෙරළෙනු ඇතැයි බෙහෝ විචාරකයන්ගේ මතය වී ඇත. මෙතෙක් එරට නොතිබූන ප්‍රගතිශීලී වෙනස්කම් රැසක් ජනතාව ඈ වෙතින් බලාපොරොත්තු වී ඇත. විශේෂයෙන්ම එරට සමරිසි අයිතිවාසිකම් තහවුරු කිරීම සදහාද ඇය විසින් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි