×

About Outbound Today

OUTBOUNDTODAY.COM is a current news and features portfolio which offers international news, authoritative insights and opinions on politics, current affairs, global trends, art, business, finance, science, health, history and entertainment in liberal perspectives creating constructive conversations globally, catering a large clientele with a wider range of preferences.

කර්තෘ – රදිකා ගුණරත්න

වෘත්තියෙන් නීතීඥවරියක් වන රදිකා ගුණරත්න, 2002 වසරේ පටන් මේ දක්වා අඛණ්ඩව ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියැළෙමින් සිටියි. 2002 වසරේ රීඩර්ස් ඩයිජස්ට් වර්ගයේ ‘මුතුහර‘ සහ චිල්රන්ස් ඩයිජස්ට් වර්ගයේ ‘සෝදිසි‘ සඟරාවල සංස්කරණයට සම්බන්ධ වෙමින් ජන මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසි ඈ පසුව ජාතික පුවත්පත්වලට මෙන්ම විද්‍යුත් මාධ්‍යයේ  විදෙස් හා කාලීන රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය සහ පිටපත් රචනයෙන් ද දායක වූවාය. සාහිත්‍ය කෘති 30කට ආසන්න ප්‍රමාණයක් පරිවර්තනය කර ඇති ඇය, Not this Good Earth : The Right to Land, Displaced Persons and the Law in Sri Lanka (co-editor), නීතිය මත පාලනය, ශ්‍රී ලංකාවේ යුක්තියේ කතාව (පොලිස් වධහිංසා වින්දිතයන්ගේ කතා ඇසුරෙන්), ශ්‍රී ලංකාවේ මාධ්‍ය නීතිය සහ ප්‍රතිපත්තිය   ඇතුළු නීති කෘති 15කට ආසන්න ප්‍රමාණයක් සංස්කරණයෙන් සහ පරිවර්තනයෙන් දායක වී ඇත. තොරතුරු දැන ගැනීමේ අයිතිය සහ සිවිල්/දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ නීතී ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී ව කටයුතු කරයි. විදෙස් පුවත් සහ ගවේෂණාත්මක වාර්තාකරණය ඇගේ විෂයන් අතර වේ.

 

නියෝජ්‍ය කර්තෘ – හංසනී සම්පත්

කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය විශේෂවේදී උපාධිධාරිනියක් වන හංසනී සම්පත්, ඉන්දියාවේ පොන්ඩිචේරි සරසවියේ දකුණු ආසියාතික අධ්‍යයනයන් පිළිබඳ ශාස්ත්‍රපති උපාධියේ පළමු පෙළ සාමාර්ථයක් සමග 2008 වසරේ පටන් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියැළෙමින් සිටියි.

 

ඉසුරිනී මල්ලවආරච්චි

කැලණිය විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා අධ්‍යයන අංශයෙන් ප්‍රථම උපාධිය සහ මැලේසියාවේ මලයා විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය පළමු පෙළ සාමාර්ථයක් ලබාගත් ඉසුරිනී මල්ලවආරච්චි, ඉංග්‍රීසි කථිකාචාර්යවරියක් ලෙස කටයුතු කරයි. ඇය ලේඛිකාවක්, පර්යේෂිකාවක් මෙන්ම සමාජ ක්‍රියාකාරිනියක් ද වේ.

 

නිදහස් ලේඛකයෝ– 
ක්‍රිෂාන්ති රාජපක්ෂ
ඡවිනි අභයසිංහ
අමාලි ජයවීර
මංජුලා විජයරත්න
දිනිති විජේරත්න
දීපක විජේසුරේන්ද්‍ර
එන්. බණ්ඩාර
මෘදුකාංග සහ වෙබ් මෙහෙයුම් – Gfella Inc.
#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි