×

ලෝකයටම ගුවන් යානා නිපදවන Boeing හෙවත් ලොව ලොකුම කර්මාන්තශාලාව.

මේ අතිවිශාල කර්මාන්ත ශාලාවේ සේවකයන් ගණන ආසන්න වශයෙන් 36000කි.


බොයින්ග් Boeing කියු සැණින් අපට මතක් වෙන්නේ ගුවන් යානාය. රටකින් රටකට ගුවනින් ගමන් ගන්නා ඔබ එම ගුවන් යානය නිෂ්පාදනය කර ඇති නිෂ්පාදනාගාරය නැත්නම් කර්මාන්ත ශාලාව කුමනාකාරයේ එකක්ද එය පිහිටා ඇත්තේ කෙහේද එහි සේවකයන් කවුරුන්ද යන්න සිතා ඇත්නම් එය අල්ප වාරයකි.

සැබවින්ම මෙම කරුමාන්ත ශාලාව නැරඹීමට යෑම හෝ ඒ තුළට  යෑම සියල්ලන්ටම කළ හැකි නොවේ . එහි ආරක්ෂාව ඒ තරමටම දැඩිය.

ගුවන් යානයක් නිපද වීම ලෙහෙසි පහසු කාර්යක් විය නොහැක. සිය ගණනකගේ ජිවිත ක්ෂණයෙන් විනාශ කර දැමිය හැකි ගුවන් අනතුරු ගැන සිතන විට සැබවින්ම ගුවන් යානයක් නිපදවීම සියයට දහස් ගුණයක වගකීමකික් කළ යුත්තකි.

ලෝකයට ගුවන් ගමන් සඳහා අවශ්‍ය වැඩිම ගුවන් යානා ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරෙන්නේ බෝයින්ග් සමාගම ලෝකයට ගුවන් යානා සපයන්නට ආරම්භ කරන්නේ 50කට පෙරය. නමුත් අද වන විට ඇමරිකානු බහු ජාතික සමාගමක් වන බෝයින්ග් අදහස නිෂ්චිත ලෙසම අපත ලබන්නේ 1916 වර්ෂයේදී එහි නිර්මාතෘ විලියම් බෝයින්ගේ අදහසක් අනුවයි.

ලෝකයේ ප්‍රමාණයෙන් ලොකුම නැත්නම් විශාලතම කර්මාන්තශාලා ගොඩනැගිල්ල හිමි වන්නේ බෝයින්ග් සමාගමටය.වොෂින්ටනයේ පිහිටා ඇති එය ඩිස්නිලන්තයටත් වඩා විශාලය. එහි ප්‍රමාණය අක්කර 27කි. එනම් හෙක්ටයාර 11කි. සැබවින්ම එහි ප්‍රමාණය මෙලෙසැයි අපට සිතා ගන්නටත් බැරිය.
කොහාම නමුත් විශාල ගුවන් යානා නිෂ්පාදනය කරන්නට එවැනි ඉඩක් අවශ්‍ය වීම පුදුමයක් නොවේ.
අද වන විට එහි ප්‍රදානියා ඩැනිස් මුයිලෙන්බර්ග්ය. බෝයින්ග් ආයතනය ප්‍රදාන අනු ආයතන 4කට බෙදා ඇති අතර ඒවා බෙදී ඇත්තේ ඔවුන් නිෂ්පාදනය කරන ගුවන් යානා වර්ගයන්ට අනුවයි.

Boeing Commercial Airplanes (BCA)
Boeing Defense, Space & Security (BDS)
Engineering, Operations
Technology; Boeing Capital

ලෝකයේ ව්‍යාපාරික ආයතන ශ්‍රෙණිගත කිරීම් සිදු කරන “Fortune Global 500” ට අනුව 2017 වසරේ ලොව ප්‍රශංසනීයමම ආයතන අතරේ 25 වන ස්ථානය බෝයින්ග් ට හිමි වී ඇත.

මේ අතිවිශාල කර්මාන්ත ශාලාවේ සේවකයන් ගණන ආසන්න වශයෙන් 36000කි. තමන්ට ලැබෙන ඉලක්ක සපුරාලමින් අවශ්‍යතාවන්ට අනුව ගුවන් යානා නිපදවීම ඔවුන්ගේ කාර්යයි.

සැබවින්ම මෙම 36000කයන් සේවය කළද ගුවන් යානයක් නිපද වීම යනු උපාංග නැත්නම් කොටස් මිලියන 6 එකට එක් කිරීමකි.
ගුවන් යානා වර්ග රැසක් නිපදවා ඇති බෝයින්ග් සමාගමේ නවතම නිෂ්පාදනය වන්නේ 777x යානයයි. මේ වන විට එයට ලැබී ඇති ඇණවුම් ප්‍රමාණය 300කි. 22020 වන විට මෙම ඇනවුම් සඳහා සිය සැපයුම් සිදු කිරීමට තමන බලාපොරෝත්තු වන බව බෝයින්ග් සමාගම පවසයි.

”අප සෑම විටම උද්යෝග වන්නේ හෙටට අවශ්‍ය ගුවන් යානා අද නිපදවීමටයි”
ඒ බෝයින්ග් සමාගමේ ප්‍රධාන අරමුණකි. ඔවුන් එයින් කියන්නට අත්සා දරන්නේ ඉදිරියට අවශය තාක්ෂණය තමන් අදම අත්පත් කර ගන්නා බවත් ප්‍රමාදයකින් තොරව තම සැපයුම සිදු කරන්නට සමන්ගේ සුදානමත්ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි