×

දෙදෙනෙකුට මරු කැඳවූ ඉන්දියාවේ උතුරායන හින්දු භක්තිය ‌

බටහිර බෙංගාලය, ගුජරාට්, උත්තර් ප්‍රදේශ් සහ අනෙකුත් ප්‍රාන්තවලින් ද මෙවැනිම ප්‍රචණ්ඩ සිදුවීම් වාර්තාවී ඇති අතර රට පුරා 100කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.


සශ්‍රීකත්වය පතා ඉන්දියාවේ දින නවයක් පුරා පැවැති රාම් නවමි හින්දු උත්සවය අතරතුර මුස්ලිම්වරුන්ට එරෙහිව සිදු වූ ප්‍රකෝපකාරී ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

රාම් නවාමි පෙරහැර අතරතුර බිහාර් ෂරීෆ් නගරයේ අන්තවාදී හින්දු කල්ලියක් විසින් බිහාර් හි මද්‍රාසාවක් (මුස්ලිම් පාසලක්) සහ එහි පුස්තකාලයට ගිනි තබා ඇති අතර මීට සමගාමීව බටහිර බෙංගාලය, ගුජරාට්, උත්තර් ප්‍රදේශ් සහ අනෙකුත් ප්‍රාන්තවලින් ද මෙවැනිම ප්‍රචණ්ඩ සිදුවීම් වාර්තාවී ඇති අතර රට පුරා 100කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. තත්වය පාලනය කිරීම වෙනුවෙන් කැරලි මර්දන පොලිස් භටයන් සිය ගණනක් යොදවා ඇති අතර අන්තර්ජාල සේවාවන් ද අවහිර කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා පැවසුවේ ත්‍රිශූල, කඩු, පොලු සහ වෙනත් ආයුධ රැගත් විශාල පෙළපාලි නගර කිහිපයක මුස්ලිම් ප්‍රදේශ හරහා ගමන් කරමින්, වෛරී සටන් පාඨ නංවමින් සහ සමහර ස්ථානවල නිවාස සහ වෙළඳසැල් පවා ගිනි තැබූ බවයි.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය (OIC)කියා තිබුණේ මුස්ලිම්වරුන්ට එරෙහිව සිදු වූ ප්‍රහාරය ඉන්දියාවේ මුස්ලිම් ප්‍රජාව ඉලක්කර කරගෙන සිදු වූ පැහැදිලි ප්‍රචණ්ඩක්‍රියාවක් බවයි. එමෙන්ම ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා තිබුණේ අපරාධකරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, රටේ මුස්ලිම් ප්‍රජාවගේ ආරක්ෂාව, සහතික කරන ලෙසත්ය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි