×

කාන්තාවන්ව ඉපදීම දඬුවම් ලැබිය යුතු වරදක් ද ?

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් ලොව මර්දනකාරීම රට වන්නේ ඇෆ්ගනිස්ථානයයි.


ඇෆ්ගනිස්ථානයේ නව අධ්‍යාපන වර්ෂය වෙනුවෙන් පාසල් මේ වන විට විවෘතව ඇති මුත් තලෙයිබාන් බලධාරීන් ද්විතීයික පාසලට පැමිණීමට නව යොවුන් වියේ ගැහැණු ළමයින්ට පවනා ඇති තහනම හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත නව යොවුන් වියේ ගැහැණු ළමයින්ට පන්තිවලට පැමිණීමට නොහැකිව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයේ අධ්‍යාපන අමාත්‍ය Habibullah Agha ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ 6 ශ්‍රේණිය දක්වා පමණක් ගැහැණු ළමුන්ට පාසල් විවෘත වන බවයි.

මේ වන විට ඇෆ්ගනිස්ථානයේ කාන්තාවට උද්‍යාන, පොළවල්, ව්‍යායාම් මධ්‍යස්ථාන සහ පොදු නාන තටාකවලට යාම ආදී සාමාන්‍ය ජීවිතයේ බොහෝ අවස්ථාවන් මර්දනය කර ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් ලොව මර්දනකාරීම රට වන්නේ ඇෆ්ගනිස්ථානයයි. ඔවුන් දිගින් දිගටම තලෙයිබාන් සංවිධානයෙන් ඉල්ලා තිබුණේ කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි සියලු වෙනස් කොට සැලකීමේ ප්‍රතිපත්ති ඉවත් කර ගන්නා ලෙසයි.

ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු විශ්ව විද්‍යාලයේ නීති සහකාර මහාචාර්ය හරුන් රහිමි, මෙම තහනම ඇෆ්ගන් තරුණයින්ට සහ රටේ අනාගතයට ගණනය කළ නොහැකි හානියක් බව ප්‍රකාශ කර තිබිණි.

යුන්සෙෆ් ආයතනය මේ සමිබන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ ගැහැණු ළමයින් මිනිසුන් බවත්, ඔවුන්ට සෞඛ්‍ය රැකවරණය සඳහා අයිතියක් ඇති බවත්, ඔවුන්ට අධ්‍යාපනයට අයිතියක් ඇති බවත්, එම අයිතිවාසිකම්වලට ගරු කළ යුතු බවත්ය.

ජාත්‍යන්තර ප්‍රජාව වත්මන් තලේබාන් ආන්ඩුවට ආධාර ලබා දීමට නම් කාන්තාවන් සඳහා අධ්‍යාපනය ලැබීමේ අයිතිය ප්‍රධාන කොන්දේසියක් බවට පත් කර ඇති අතර කිසිදු රටක් මේවන තෙක් තලේබාන්වරුන් ඇෆ්ගනිස්ථානයේ නීත්‍යානුකූල පාලකයන් ලෙස නිල වශයෙන් පිළගෙන නොමැත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි