×

දෙවියන්ද නොබලන ඉරානයේ විරෝධතාකරුවන්ට රජයේ සමාව

මානව හිමිකම් සංවිධාන මේ විරෝධතාවයන් හේතුවෙන් බාලවයස්කරුවන් 70 ක් ඇතුළුව පෙළපාලිකරුවන් 500 කට වැඩි පිරිසක් ඝාතනය කර ඇති බවත්, 20,000 ක් පමණ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් කර ඇත.


ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි රාජ්‍ය විරෝධී විරෝධතාවලට සම්බන්ධ බොහෝ සිරකරුවන් ඇතුළුව දස දහස් ගණනක්වන සිරකරුවන් වෙනුවෙන් කොන්දේසි විරහිතව සමාව දී ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය සැප්තැම්බරයේ ඉරානයේ සදාචාරාත්මක පොලිසිය විසින් නිවරැදි ලෙස හිජාබය පැළැඳ නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ 22 හැවිරිදි මහ්සා අමේනි අත්අඩංගුවේ සිටියදී මිය යාමත් සමඟ රට පුරා විරෝධතාවයන් ඇරඹි අතර, ඒවා මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතියි. රජය විසින් මෙම විරෝධතාවන් විදේශීය පිටුබලය ලබන “කැරලි” ලෙස හඳුනවන ලද අතර මාරාන්තික බලයෙන් යොදා ඒවා මර්දනය කරමින් තිබේ.

මානව හිමිකම් සංවිධාන මේ විරෝධතාවයන් හේතුවෙන් බාලවයස්කරුවන් 70 ක් ඇතුළුව පෙළපාලිකරුවන් 500 කට වැඩි පිරිසක් ඝාතනය කර ඇති බවත්, 20,000 ක් පමණ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් කර ඇත.

රජය විසින් විරෝධතා කරුවන් එල්ලා මැරීම ආරම්භ කිරීමත් සමඟ රට පුරා විරෝධතාවයන් මන්දගාමී කර ඇති අතර ඔස්ලෝ පදනම් කරගත් ඉරාන මානව හිමිකම් සංවිධානය ඇස්තමේන්තු කරන්නේ අවම වශයෙන් රඳවාගෙන සිටින පුද්ගලයින් 100 දෙනෙකුට මරණ දණ්ඩනයට මුහුණ දීමට සිදු වන බවයි. මෙහිදී රජය විසින් විත්තිකරුවන්ට තමන්ගේම නීතිඥයෙකුට ප්‍රවේශ වීමේ අයිතිය, නියමිත ක්‍රියාවලිය සහ සාධාරණ නඩු විභාගයන් අහිමි කර ඇත.

ඉරාන රාජ්‍ය මාධ්‍ය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ, විරෝධතාකරුවන් ගණනාවක් කණගාටුව ප්‍රකාශ කර සමාව ඉල්ලා අධිකරණ ප්‍රධානියාවෙත ලිපියක් යොමු කර ඇති බවත් ඊට අනුව ඉරාන නායකයා 1979 ඉස්ලාමීය විප්ලවයේ සංවත්සරයට සමගාමීව සමාව ලබා දුන් බවත්ය.

ඉරාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 110 වැනි වගන්තිය යටතේ අධිකරණයේ නිර්දේශ මත සමාව නිකුත් කිරීමට එරට උත්තරීතර නායකයාට බලය ඇත. එලෙස සමාව ලබා දීමට නම් රැඳවියන් තමන් කළ දේ ගැන කනගාටු වන බවට ලිඛිතව ප්‍රතිඥා දිය යුතුය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි