×

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය මැයි 6වන දාට යෙදේ

පසුගිය සැප්තැම්බරයේ දෙවන එලිසබෙත් රැජිනගේ අභාවයෙන් පසු, සිහසුනට පත් තුන්වන චාල්ස් රජු රාජ්‍යත්වයට පත් වී මාස අටකට පසු එළඹෙන සෙනසුරාදා මෙලෙස ඔටුනු පලදිනු ඇත.


බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය මැයි මස 6 වන දා වෙස්ට්මිනිස්ටර් ඇබේ හිදී කැන්ටබරි අගරදගුරුතුමා විසින් සිදු කරනු ඇති බව වාර්තා වේ. පසුගිය සැප්තැම්බරයේ දෙවන එලිසබෙත් රැජිනගේ අභාවයෙන් පසු, සිහසුනට පත් තුන්වන චාල්ස් රජු රාජ්‍යත්වයට පත් වී මාස අටකට පසු එළඹෙන සෙනසුරාදා මෙලෙස ඔටුනු පලදිනු ඇත.

ලොව පුරා කීර්තිමත් ආරාධිත අමුත්තන් 2,200 ක් ඉදිරිපිටදී තුන්වන චාල්ස් රජු 1661දී සාදවන ලද රන් ඔටුන්නක් පළඳිනු ඇති අතර අමුත්තන්ගේ ලැයිස්තුවට බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක්, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් සහ යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් සහ දෙවන ඇල්බට් කුමරු සහ මොනාකෝහි චාලීන් කුමරිය ඇතුළු තවත් රාජකීය පවුල් ගණනාවක් ඇතුළත් වනු ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි